Spread the love

සීගිරිය කාශ්‍යප මහරජ සමයේ කළ විශ්මිත නිර්මාණයකි.ලෝක උරුමයක් වන මෙය පිහිටා ඇත්තේ ,ශ්‍රි ලංකාවේ මැද පළාතේ,මාතලේ දිසාවේ ය. දඹුලු රජමහා විහාරය වලගම්බා රජ සමයේ විශිෂ්ට ඉඳිකිරීමකි. එය ද ලෝක උරුමයකි. පිහිටියේ සීගිරිය ඇති දිසා වේමය. සීගිරිය මෙන්ම දඹුල්ල ජනාවාස එනමින්ම ප්‍රචලිතය.

ඉහත ලෝක උරුම දැක බලා ගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය සංචාරකයෝ පැමීණෙති.පෞද්ගලික වාහන හෝ කුළි රථ මගින් එන පිරිස් වෙත නියමිත මුදල් ගෙවා වාහන ගාල් කර තැබිය හැකිය. නොඑසේ නම් පිරිස බස්සවා වාහනයට වෙනතක යා හැකිය.

විදේශීය සංචාරකයින්ට සීගිරිය නැරඹීමට සිය වාහනය ඒ අසළට ම ගෙන ගොස් ගාල් කර තැබීමේ පහසුකම පවතී. නමුත් දේශීය සංචාරකයින්ට එසේ නොවේ. ඒ අය වාහන ගාල් කල යුතු වන්නේ සීගිරි පර්වතයට සෑහෙන දුරකින් ස්ථාපිත ගාල් පොලේ ය.එතැන් සිට කුළී ත්‍රි රෝද රථයකින් සිගිරි නැරඹීමට යන්නේ නම් ගාස්තුව රුපියල් හත්සියයකි.එය සාධාරණ අය කිරීමක් නොවේ.

සීගිරියට බොහෝ දෙන පැමිණ ජංගම යෙදුම් හරහා කුළි රථ ගෙන්වා ගැනීම සුලභය. කුඩා මෝටර් රථ සේම ත්‍රිරෝද රථ ද ඒ අනුව අවට සැරි සරයි. සීගිරිය කුළි රථ ප්‍රචණ්ඩත්වය ගැන තොරතුරු ලැබෙන්නේ මෙකී කරුණේදීය.

ජංගම දුරකතන යෙදුම් සක්‍රිය කර සීගිරිය අවට කුළි රථ සැරි සැරීම ට එරෙහිව සිගිරි⁣ය ස්ථීර කුළි රථ රියදුරෝ සත්තම දමති. ඔවුන් ජංගම යෙදුම් සක්‍රිය කර සරන කුළි රථ සිය යෙදුම් හරහා හඳුනා ගනි. පසුව එම වාහන වෙත ගොස් තර්ජනය කරයි.එසේ තර්ජනයට ලක් වන බොහෝ දෙන යම් කිසි පාරිභෝගිකයෙකුගේ කැදවීම එහි පැමිණ සිටින්නවුන්ය.මේ තත්ත්වය සාමකාමි සමාජයට බාධාවකි. සීගිරිය පොලීසිය මේ ගැන විමසිලිමත් විය යුතුය. තර්ජනය කිරීම පමණක් නොව මෝටර් රථ වලට හානි කිරීමේ සිද්ධීන්ද පොලිස් පොතට පවා ගොස් තිබේ.

පසුගිය දිනෙක විදේශික සංචාරකයින් කැටුව ගිය කුළි රථයකට ද දඹුල්ලේ දී මෙවැනි තර්ජනයට මුහුණ පෑමට සිදුවිය. විදේශිකයා බියට පත්ව වාහනයෙන් බැස ගියේය. ප්‍රචණ්ඩත්වයේ තරම එමගින් පැහැදිලිය.

සීගිරිය පමණක් නොව දඹුල්ල තත්ත්වය ද ඒ අනුව එසේමය. සාමයට පමණක් නොව සංචාරක ව්‍යාපාරයට මෙම තත්ත්වය ඍජුව හා වක්‍රාකාරයෙන් හානි පමුණුවයි. මේ පිළිබඳ සංචාරක ක්ෂේත්‍රයේ වගකිව යුත්තෝ නිහඬ නොවීම යහපති.එසේ නොවුනහොත් සංචාරකයෙකුට සීගිරියට දඹුල්ලට පැමිණ සුවපහසු රථයක් කැඳවා අනුරාධපුර ට, මහනුවරට හෝ පොලොන්නරුවට යාමට තවදුරටත් බාධා ඇති වේ.

මෙන්න බලන්න තවත් පුවත්