ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 46 වන කොවිඩ් 19 ආසාදිත රෝගියෙකුගේ මරණය වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙලෙස මියගොස් තිබෙනවා.
රෝගියා මියයාමෙන් පසුව සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන තිබෙනවා.
මරණයට හේතුව වශයෙන් දැක්වෙන්නේ ලියුකේමියා රෝගී තත්ත්වය උත්සන්න වීම සහ ශ්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවයකි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.
කොරෝනා වෛරස ආසාදිත තවත් මරණයක් – සමස්තය 45දක්වා ඉහළට [Nov 11, 2020 at 20:14]
අද (11) දින 45වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය ක්ළේය.
එසේ මියගොස් ඇත්තේ කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක්.
ඇය සිය නිවසේදී මියගොස් තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ පශ්චාත් මරණ පරික්ෂණයේදී මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩනය මත ඇති වූ හෘදයාබාධයක් බවයි.
Discussion about this post