කටුනායක,සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් රද්දොළුගම සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු පොලීස් නිලධාරීන් 20 දෙනෙකුට සහ ප්‍රදේශවාසීන් 07 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (16) දින තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා මහතා පවසනවා.
එම පොලිස් නිලධාරීන් අතර රද්දොළුගම පොලීසියේ නිලධාරීන් 15 ක් සහ කටුනායක අධිවේගී මාර්ග පොලීසියේ නිලධාරීන් 05 දෙනෙකු වනවා.
එම පොලීසිවල සියලු නිලධාරීන් ඔවුන්ගේ නිවෙස්වල සහ රජයේ රෝහල්වල නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මේ වනවිට රද්දොළුගම සහ අධිවේගී මාර්ගයේ පොලීස් රාජකාරී ආවරණය කිරීම සදහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කර තිබෙනවා.
පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මීට අමතරව කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ රාජපක්ෂපුර සහ ලියනගෙමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි.
මේ අතර අද දින මෙරටින් තවත් කොවිඩ් රෝගීන් 343 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 51937 දක්වා ඉහළ ගියා.
Update :
කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 372ක් අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් 357 ක් ද බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් අශ්‍රිතයින් 15 දෙනෙක්ද සිටි.
ඒ අනුව අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 715කි.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 52,311ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Discussion about this post