කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 312 දෙනෙකු අද (17) දිනයේදී හඳුනාගෙන තිබෙනවා.
ඉන් 300 දෙනෙකු මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.
තවත් 12 දෙනෙකු හඳුනාගෙන තිබුණේ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් බව වාර්තා වනවා.
ඒ අනුව මෙරට දී හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 35,000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 35,049කි.
Update :
අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 338ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 650ක්.
Discussion about this post