කොරෝනා වෛරස ආසාදිත තවත් මරණ දෙකක් මීට සුළු මොහොතකට පෙර වාර්තා වූවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කැලණිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි.
අදාළ මරණ දෙකටම හේතුව ලෙසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදිනය හේතුවෙන් ඇති වු හෘදයාබාධ බවයි.
අදාළ නිවේදනය පහතින්.
කොරෝනා වෛරස ආසාදිත තවත් මරණයක් – සමස්තය 42 දක්වා ඉහළට [Nov 11, 2020 at 15:09]
පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ හෘදයාබාධයකි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියා සිටින්නේ ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මිය ගිය මුළු රෝගීන් සංඛ්‍යාව 42 බවයි.
Discussion about this post