මේ වසරේ පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණී සංචාරකයන්ගේ සංඛ්‍යාව ජනවාරි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ජනවාරියේ විදේශ සංචාරකයන් 1,682 කු දිවයිනට පැමිණි අතර, පෙබරවාරි මාසයේ පැමිණි සංඛ්‍යාව 3,366ක්.
කෙසේ නමුත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් සංචාරක ආගමනය තවදුරටත් පහළ මට්ටමක පවතින බවයි.
2020 වසර හා සසඳන විට මේ වසරේ ජනවාරි මාසයේ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව සියයට 99.3කින් පහත වැටී ඇති අතර, පෙබරවාරියේ සංචාරක ආගමනය සියයට 38 කින් පහත වැටී තිබෙනවා.
පෙබරවාරි මාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් එනම් 845 දෙනෙකු පැමිණ ඇත්තේ යුක්රේන ජාතිකයින්.
Discussion about this post