සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර, ගුජරාටයේ – අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 4 වන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ පළමු දිනය නිමාවේ ඉන්දීය දඟ පන්දු යවන්නන් එංගලන්ත පිලේ පළමු ඉනිම ලකුණු 205 කට සීමා කිරීමෙන් අනතුරුව පළමු ඉනිමේ පන්දුවට පහරදෙන ඉන්දීය පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 24 ක් ලබා සිටියා.
මෙතෙක් පැවති ටෙස්ට් තරග තුනෙන් දෙකක් ඉන්දීය පිල ජයග්‍රහණය කර ඇති අතර, එංගලන්තය එක් තරගයක් ජයග්‍රහණය කළා.
ඉන්දීය තණතිලි දඟ පන්දු යවන්නන්ට වාසිදායක අන්දමින් සැකසීම පිළිබඳව දෙරටේ ක්‍රීඩා විචාරකයන් දැන් මතුව ඇත්තේ ප්‍රබල සංවාදයක්.
Discussion about this post