අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර වෙත අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදුන් බවයි.
මේ අතර ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඇවිදින පුස්තකාලය ලෙස විරුදාවලිය ලත් ආචාර්ය එඩ්වින් ආරියදාසගේ නික්මයාම මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ට පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි.
බටහිර රටවල ආභාෂයෙන් බිහිවූ සන්නිවේදන විෂයට පාරිභාෂිත වදන් එක් කිරීමට ආචාර්ය එඩ්වින් ආරියදාස පුරෝගාමී වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, සිංහල භාෂාවට අන්තර්ජාලය, සමීප රූප, මාධ්‍ය රූප, උස්තල මුද්‍රණය, සමතල මුද්‍රණය සහ සජීවීකරණය යන වචන නව අරුත් දෙමින් නිර්මාණය කළ බව සිහිපත් කළා.
මේ අතර අභාවප්‍රාප්ත එඩ්වින් ආරියදාසගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරු 10 සිට හෙට පස්වරු 3.30 දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දේහය පිළිබඳ අවසන් කටයුතු 25 වනදා පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි.
Discussion about this post