නයිල් නදිය හරහා ඉදිකෙරෙන වේල්ල සම්බන්ධයෙන් අප්‍රිකානු සංගමය දැනට වඩා විශාල කාර්යයභාරයක් කලයුතුව ඇති බව සුඩානය අවධාරණය කරනවා.
ඉතියෝපියානු රජය ඉදිකරන මෙම වේල්ල හේතුවෙන් රටවල් කිහිපයක් අතර අර්බුද මතුව ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් ඊජීප්තුව, ඉතියෝපියාව සහ සුඩානය පසුගිය කාල වකවානුවේ අවස්ථා කිහිපයකදීම හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
කෙසේවුවත් ඊජිප්තුව සහ සූඩානය පවසන්නේ අප්‍රිකානු සංගමය පහසුකම් සපයන්නෙකු ලෙස මෙම ක්‍රියාවලියට එක්විය යුතු බවයි.
2011 දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
මෙගාවොට් 6,000කට වැඩි විදුලි නිෂ්පාදනයක් මෙමගින් බලාපොරොත්තු වන බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
ඊජිප්තුව හා සූඩානය චෝදනා කර සිටින්නේ මේ නිසා තමන්ට නයිල් ගගේ ජලය අඩුවන බවටයි.
Discussion about this post