අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ පස්වරුවේ දෙමළ ජාතික සන්ධාන දේශපාලනඥයින්ට එරෙහිව සිදුකළ විරෝධතාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. මෙලෙස විරෝධතාවට එක්වූ කාන්තාවක් දෙමළ දේශපාලඥයින් වෙත සෙරෙප්පුවකින් පහරදීමට ද උත්සහ කර ඇති බවයි වාර්තාවෙන්නේ. අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් දෙමළ ජනතාවගේ ජන්දයෙන් පත්වී දෙමළ ජනතාවගේ ගැටළු අමතක කර ඇති බවයි. දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් රටේ ජනාධිපතිවරුන් පත් කිරීමේ උත්සහයක නිරතව සිටින බවටයි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් චෝදනා කළේ.

මෙන්න බලන්න තවත් පුවත්