ඉන්දියාවේ අග්‍රා නුවර පිහිටි ලෝක පුදුමයක් ලෙසින් සැලකෙන සුප්‍රකට ටාජ් මහල් මන්දිරයට අයහපත් කාලගුණය හේතුවෙන් හානි සිදුව තිබේ.

ඉන්දියාවේ උතුරු කලාපයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ගස් සහ අතු කඩාවැටීමෙන් මෙසේ ටාජ් මහල්හි කොටසකට හානි වී තිබුණි.මන්දිරයේ ප්‍රධාන ගොඩනැගිල්ලටද දැඩි හානි සිදුව ඇති අතර මෙසේ හානියට පත්වූ කොටසට පළිඟු අත්වැටක් මෙන්ම රතු ගලින් නිමකළ කැටපත් පවුරු දෙකක්ද වන බව අග්‍රා හි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් පවසයි .

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට අග්‍රා නගරයට බලපෑ අයහපත් කාලගුණයෙන් නගරවැසියන් තිදෙනෙකුද මියගොස් 25 දෙනෙකු තුවාල ලබාතිබේ.

මෙන්න බලන්න තවත් පුවත්