අදියර කිහිපයක් යටතේ ලබන සදුදා සිට විශ්ව විද්‍යාල විවෘත කෙරුණද ශිෂ්‍ය ඒකරාශිවීම්, කී‍්‍රඩා උත්සව හෝ විනෝදාත්මක කටයුතු සිදුකිරීමට නැවත දැනුම් දෙන තුරු අවසර ලබානොදීමට තීරණය කර තිබෙනවා.එසේම රාත‍්‍රී 7න් පසු ශිෂ්‍යයින්ට විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ රැදී සිටීම තහනම් බවද විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවා.

පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන්ද විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අදහස් පළ කළා.

පළමු අදියර යටතේ වෛද්‍ය පීඨ අවසන් වසරේ විභාග වෙනුවෙන් පෙනී සිටින සිසුන් සදහා විශ්ව විද්‍යාල විවෘත වන වතර ඉන් පසුව අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් ලබන 22 වනදා සිට විශ්ව විද්‍යාල විවෘත කිරීමට නියමිතව ඇත.

මෙන්න බලන්න තවත් පුවත්