ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත් ලබාදී අවසන් කළ පළමු රට වීම වැනි ඉලක්කයක් කරා ගමන් කළ යුතුව ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මේ බව අනාවරණය කළේ ‘ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන හා 2021 අයවැය යෝජනා යථාර්ථයක් වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවීමේ අවස්ථාවට අද (03) එක්වෙමිනි.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 එන්නත් ලබාදීම තීව්‍ර කළයුතු බවය.
මෙහිදී, රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය වෘත්තිකයන් ද මහජනතාව ද කොවිඩ්-19 එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට යොමුකර තිබේ.
පෙබරවාරි මස මැද භාගය වනවිට සාමාන්‍ය ජනතාවටත් එන්නත ලබාගත හැකිවනු ඇතැයි එම අවස්ථාවට එක්වූ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
Discussion about this post