උත්සව සමයේ බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට ගොස් විවිධ කි‍්‍රයාකාරකම්වල නිරතවීමට ඇතමුන් උත්සාහ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් එම පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියේ ඒකරාශීවීම්වලින් වැළකී හුදෙකලාව තම නිවාඩු කාලය ගත කරන ලෙසයි.
මේ අතර රජයේ වෛඉ නිලධාරීන්ගේ සංගමය පැවසුවේ උත්සව සමයේදීද සියළු ජනතාව සෞඛ්‍ය රීතීන්වලට අනුගත විය යුතු බවයි.
පවතින තත්ත්වය හමුවේ උත්සව සමයේ හුදකලා කිරීම් සිදුකරන්නේ නම් එය පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකළ යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
Discussion about this post