අනුරාධපුර රුවන්වැලි මහා සෑයට නව චූඩා මාණික්‍යයක් සහ රනින් නිම කළ පාදමක් සවි කිරීමට තීරණය කර ඇති බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් පවසනවා. එමෙන්ම අවුරුදු 80කට වඩා පැරණි කොත්වහන්සේ මෙන්ම චුඩා මාණික්‍යය කඩිනමින් පිළිසකර නොකලහොත් විශාල අනතුරකට ලක්වීමට ඉඩ ඇති බවයි උන් වහන්සේ පෙන්වා දුන්නේ.

උන්වහන්සේ මේ බව සදහන් කළේ අද ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙන්න බලන්න තවත් පුවත්