බස්නාහිර පළාතේ ජීවත්වන පුද්ගලයින් සංචරණය සම්බන්ධයෙන් ස්වයං විනයක් ඇති කර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසනවා.
ඔහු පැවසුවේ එසේ සිදුනොවුන හොත්, කොරෝනා වෛරසය රටපුරා ව්‍යාප්ත විය හැකි බවයි.
මේ අතර යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ රටේ පවතින කොවිඩ් තත්ත්වය අනුව ගතයුතු ඉදිරි තීරණ පිළිබඳව එළඹෙන 22 සහ 23 යන දිනයන්හිදි දැනුම්දෙනු ඇති බවයි.
දැනට පවතින තත්ත්වය අනුව නිරෝධායන ඇඳිරිනීතිය යෙදවීමට හෝ හුදකලා කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවද ඔහු කියා සිටියා.
Discussion about this post