ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා මහනුවර පිළීමතලාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් පැවසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සමඟ තම දේශපාලන පක්ෂයට කිසිදු සබඳතාවක් නොමැති බවයි.එසේම ඒ මහතා සදහන් කලේ මෙවැනි කල්ලියක් අපි අතරේම සිටි බව කිසිවෙකු දැන නොසිටි අතර පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම් ජනාතාවට ගැටළු රැසකට මුහුණ පැමට සිදුව ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රවුෆ් හකීම් මහතා පවසා සිටියේ, මැතිවරණය දිනා ගැනීමේ උපක්‍රමයක් ලෙස තම පක්ෂයට මෙලෙස චෝදනා කරන බවයි.මුස්ලිම් ගෙවල්වල අවශ්‍යතාවයකට පවා “ පිහියක් “ නොමැති වු බවත් ,මෙම කතාව පවා පළ කරමින් චෝදනා කල ද කිසි විටෙකත් තම පක්ෂය සැලෙන්නේ නැති බවද හකීම් මහතා කියා සිටියේය.

මෙන්න බලන්න තවත් පුවත්