ගැබිණි කාන්තාවන්ට පළමු සති 28න් පසු කොවිඩ් ආසාදනයවීම යම් බරපතළ තත්ත්වයක් බව කාසල් වීදියේ කාන්තා රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරොල් මහතා පවසනවා.

ගැබිණි කාන්තාවන්ට කොවිඩ් වෛරසය ආසාදනයවීම සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සනත් ලැනරොල් මහතා ඒ බව ප්‍රකාශ කර සිටියා.

“පළවෙනි සති 28 දී මේ රෝගය හැදෙන කාන්තාවන්ගෙන් 80%ක විතර කිසිම රෝග ලක්ෂණයක් නෑ. PCR කරොත් පමණයි හොයා ගන්න පුළුවන්. මේ කාලයේදී දරුවන්ට වන සංකූලතා අඩුයි. සති 28න් පසුව මව්වරු කොවිඩ් ආසාදිත වුණොත් ටිකක් බරපතළ තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ඒ අනුව දෙවන සති 28දී සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්. එම ගර්භණී මව්වරුන් සැක සහිත රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි.”

 

මෙන්න බලන්න තවත් පුවත්