එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල දේශපාලනඥයින් පස්දෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභයරාජපක්‍ෂ මහතාට සහයෝගය පළකිරීමට සූදානමින් සිටන බවත්, ඉදිරි දින කිහිපය තුලදී ඔවුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා.

එමෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයෙකු හා මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම තීරණය කර ඇති බවයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.බොහෝ විට මෙම තීරණය නොවැම්බර් මස 5 වෙනිදා ප්‍රකාශයට පත්කෙරෙණු ඇති බවටයි ආරංචි පල වී ඇත්තේ.

මෙන්න බලන්න තවත් පුවත්