සචිනි අයේන්ද්‍රා කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනියක් මෙන්ම ඇය නිරූපණ ශිල්පිනියක් සහ රූපරාජිනියක්ද වනවා.
ඇය නිර්මාණ කිහිපයක පමණක් රංගනයෙන් දායක වුවත් එම නිර්මාණ සියල්ලක්ම ප්‍රේක්ෂක මතකයේ රැඳෙන නිර්මාණ බවට පත්ව තිබෙනවා. පසුගියදා ඇය මුහුණදුන් එක් සිදුවීමක් හේතුවෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ ඇය සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
පැරීසියේදී ඔබ මුහුණ දුන්නා කියන සිදුවීමක් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ කතාබහක් නිර්මාණ වෙලා තියෙනවා. මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?
ඔව්. ඇත්තටම මුලින්ම මම මේක විශේෂයෙන්ම කියන්න ඕනි. පැරීසියේදී මගේ මොබයිල් ෆෝන් එක නැති වුණා. ඒක තමයි ඇත්තම කතාව.
නමුත් ඔබ ගොතපු කතාවක් කිව්වා කියලා නේද චෝදනා කරන්නේ?
ඇත්තටම මෙහෙමයි. පැරිස්වලදි මගේ ෆෝන් එක නැති වුණාට පස්සේ මම මගේ ෆෝන් එක තියන තැන හොයාගෙන හොරා ඉන්න තැනට ගියා. ඊට පස්සේ ඔහු සමඟ කතා කරලා ඔහුට යුරෝ හැටක් දීලා තමයි මගේ ෆෝන් එක ආපහු ගත්තේ. මේ කතාව එක්තරා වැඩසහනක් තුළදී කතාබහට ලක්වුණා.
ඉතින් එම නාළිකාවේ අය මීට පෙර මම ගියපු යුරෝපා සංචාරයකදී පිරිමි ළමයෙක් එක්ක ගත්ත ෆොටෝ එකක් වෙනත් ෆේස් බුක් ගිණුමකින් හොයාගෙන තිබුණා. ඒ ෆොටෝ එකේ ඉන්න පිරිමි ළමයාගේ මූණ වහලා මම හොරා එක්ක ඉන්න ජායාරූපය විදියට වැඩසටහන තුළදී එදා ඔවුන් ප්‍රචාරය කළා. ඇත්තටම ඒ ෆොටෝ එක මම ගත්තේ ඔස්ටි්‍රයාවේදි.
නමුත් නිවේදකයා පැවසුවේ ඔබ එම ඡායාරූපය සමඟ Status එකකුත් දමා ඇති බවක්?
එදා එම වැඩසටහන අතරතුරදී, මම ඒ ජායාරූපයේ feeling awesome with hora, Having Coffee with hora කියලා දාලා තියෙනවා කියලත් මට විහිළු කළා. නමුත් ඉතින් මම කවදාවත් එහෙම feeling awesome with hora, Having Coffee with hora කියලා ෆොටෝ දැම්මේ නැති නිසා මම දන්නවා මේක විහිළුවක් කියලා.
ඒ නිසා ඒ ෆොටෝ එක පෙන්වන අතරතුර සිනහා වෙවී හිටියා. ඒ වෙලාවෙදි “මේ ෆොටෝ එක හොරාගේ නෙමෙයි කියලා” එම වැරැද්ද නිවැරැදි කරන්න බැරි වුණා. ඒක තමයි ඉතින් ඇත්තටම සිදු වුණේ.
සමාජ මාධ්‍ය ජාලා තුළ මේ සිද්ධිය සම්බන්ධයෙන් විවේචන රාශියක් එල්ලවෙනවා නේ. ඔබට මොනවද ඒ ගැන කියන්න තිබෙන්නේ?
ඔව්. එදා මම සහභාගි වුණු එම වැඩසටහන මුලසිට නරඹපු නැති පිරිසකුත් ඉන්නවානේ. ඉතින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන ඔය කියන වීඩියෝ එක විතරක් නරඹපු එවැනි අය මට සෑහෙන්න ෙදාස් කියලා තිබුණා.
නමුත් ඉතින් එදා මගේ අතින් වුණු වරදට සමාව අරගෙන එදා සිද්ධියේ ඇත්තම සිදුවීම මොකක්ද කියලා පැහැදිලි කරලා මම අදාළ පුද්ගලයාට පෝස්ට් එකක් පවා දැම්මා. ඒත් ඉතින් ඒ පෝස්ට් එක සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචාරය වුණේ නැහැ. ඒ වගේම මේ ෆොටෝ එක ඉවත් කරන මෙන් අදාළ නාළිකාවට දැනුම් දුන්නත් ඒ සඳහා ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.
Discussion about this post