කටුනායක ගුවන් තොටුපලෙන් රට තුලට ඇතුළු වන සියලුම මගීන් අද(01) දිනයේ සිට එම ස්ථානයේ දීම PCR පරීක්ෂාවට ලක් කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

කටුනායක ගුවන් තොටුපල හරහා දිවයිනට මෙලෙස පැමිණෙන අය හෝටලයක හෝ වෙනත් රැඳවුම් ස්ථානයක සිට මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.කොරෝනා පාලනය කිරීම සදහා පත්කල ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් මෙම තීරනය ගත් බව අමාත්‍යවරයා වැඩිදුටරත් සදහන් කලා.

විදෙස්ගත ශ්‍රී ලංකික ශ්‍රමිකයින් ලංකාවට ගෙන ඒමේ වැඩසටහන රජය අතරමග නතර නොකරන බවත් ඔවුන් ලංකාවට ගෙන ආ යුතු යන ස්ථාවරයේ සිටින බව පැවසු අමාත්‍යවරයා,රට තුලට කොරෝනා රෝගියෙකු ඇතුලු වීම වැලක්වීම සදහා විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ බව කියා සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්