ශ්‍රී ලංකාව තුළ දිනකට සිදු කළ හැකි උපරිම PCR පරීක්ෂණ ප්‍රමාණය 8,000 සිට 10,000 ප්‍රමාණයට සීමා වන බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසන්නේ මෙසේ දිනකට ශ්‍රී ලංකාව තුළ සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය උපරිමයකට ගෙන ඒමට ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගේ දායකත්වය ඉමහත් සේ උපකාරී වූ බවයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටුවා ඇති PCR පරීක්ෂණාගාරය තුළ පැය 24 පුරාම පරීක්ෂණ සිදුකිරීම සඳහා එහි සේවක මණ්ඩලයට නවාතැන් ලබාදීම සඳහා, සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත වායුසමනය කරන ලද කන්ටේනර් 4 කින් යුතු පද්ධතියක් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් ලබා දුන් බව ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මාධ්‍ය සාකච්ඡාවක පවසා සිටියා.
එමෙන්ම වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ එම සමාජ සද්කාර්යය වෙනුවෙන් අවන්ගාඩ් සමාගම කිසිඳු මුදලක් අය නොකළා පමණක් නොව කිසිඳු ප්‍රසිද්ධියක් ද අපේක්ෂා නොකළ බවයි.
Discussion about this post