අද (17) ඇහැළියගොඩ තරාපිටිය ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියකට මුල්ගල තැබීමට පැමිණි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට එම ප්‍රදේශවාසීන් විසින් විරෝධය පළකළේය.
ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ එහි පැමිණි අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේය.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළහොත් තමන්ට ජල ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැකි බවය.
එල්ල වූ විරෝධය හමුවේ ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ කටයුතු අත්හැර දැමූ අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේය.පසුව ඔහුගේ ලේකම්වරයෙකු ට ද ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල විය.
Discussion about this post