• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-04 | 8:06 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ජීවිතේ තුළ පසුතැවීම් නැතුවාම නෙවෙයි – සනත් ජයසූරිය

2021-02-04 ‍| 3:35 pm
ජීවිතේ තුළ පසුතැවීම් නැතුවාම නෙවෙයි – සනත් ජයසූරිය
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

සනත් ජයසූරිය ගැන කලින් කලට කුමන කතා ඇසුණත් ඔහු ලොව එක්දින ක්‍රිකට් වෙනස් කළ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවායි.

ඔහුගේ ආරම්භක පිතිකරණය, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම මෙන්ම ඔහු පිටියේ කළ හරඹ ගැන ක්‍රිකට් ලෝලීන් හොඳාකාරවම දන්නවා. ඔහුගේ දේශීය පටබැඳි නාමය “වමත් කසකාරයා”, ජාත්‍යන්තර පටබැඳි නාමය “Master-Blaster”.

සනත් ජයසූරිය ගැන හඳුන්වා දෙන්නට එය හොඳටම ප්‍රමාණවත් ය.

කාර්යබහුල ජීවිතේ විවේකයක් ලැබුණාම ගත කරන්න කැමැති කොහොමද?

පැත්තකට වෙලා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න තමා කැමති. ඒ අතර සිංදුවක් එහෙම අහනවා.

වැඩියෙන්ම අහන්නේ මොන වගේ සින්දුද?

මම දේශීය සංගීතයට බෙහෙවින් ආස කරන කෙනෙක්. මිල්ටන් මල්ලවආරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන සහ රූකාන්ත ගුණතිලක ගේ ගීතවලට තමා වැඩි කැමැත්තක් තියෙන්නේ. ඒ අය තමා අපේ කාලයේ ගායකයෝ සහ අපේ කාලයේ වීරයෝ.

ලංකාවේ තුළ යන්න කැමැති කොහෙද?

එක තැනක් කියලා විශේෂ නැහැ. මම ගොඩක් කැමැති ලංකාවේ සංචාරය කරන්න. මම දකුණේ කෙනෙක් වුණාට තව දකුණේ බලන්න යන්න තැන් තියෙනවා. ඊට අමතරව නැගෙනහිර පළාතේ, උතුර, උතුර මැද, කතරගම, අනුරාධපුර, නුවර මේ හැම තැනකටම මම යන්න කැමැතියි.

ජීවිතේට තව දුරටත් එකතු කර ගන්න කැමැති මොනවද?

හැමදාම ජීවිතේට මොනවා හරි දෙයක් එකතු කර ගන්නවා. ඒක ලොකු කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් පොඩි කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් කාගෙන් හරි අපි ජීවිතේට යම් යම් දේවල් එකතු කර ගන්නව. ඒ අතර හොඳ දේවල් ළං කරගෙන නරක දේවල් පැත්තකින් තියන එක තමා අපි කරන්න ඕනේ.

ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී පතපසුවීම් තියෙනවද?

ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඇවිල්ලා ඒ ඔස්සේ හැමදෙයක්ම ලබාගෙන අද මේ ඉන්න තත්ත්වය ගැන සතුටුයි. ජීවිතේ තුළ පසුතැවීම් නැතුවාම නෙවෙයි ජීවිතේ තුළ. ජීවිතේ තුළ කඩා වැටීම් සහ ඒ මතින්ම නැගිටුණු අවස්ථා තියෙනවා. ඒක තමා ඕනෙම මනුස්ස ජීවිතයක ස්වභාවය. ජීවිතේ කියන්නේ ඉතින් ඒ සියල්ල අභියෝග මත යන ගමනක් නේ.

දැන් ජීවිතේ තියෙන අභියෝග මොනවද?

අභියෝග කියන දේ සාපේක්ෂයි. ඕනෙම ජීවිතයක අඩු වැඩි වශයෙන් අභියෝග තියෙන්න පුළුවන්. මටත් ඒක පොදුයි. අපි කරන්න ඕනේ ජීවිතේට එන අභියෝග භාර අරගෙන ඒ වෙනුවෙන් සාර්ථකව මුහුණ දෙන එක.

ලැබුණොත් ජීවිතේ දෙයක් වෙනස් කර ගන්න, මොනවද වෙනස් කර ගන්නේ

වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරැද්ද නිවැරදි කර ගන්න එක තමයි.

ඉදිරි ඉලක්ක මොනවද?

මගේ ව්‍යාපාර කටයුතු තව දුරටත් දියුණු කරගෙන ස්ථාවරව පවත්වාගෙන යෑම තමා බලාපොරොත්තුව.

කලින් කලට සනත් ජයසූරිය ගැන කතා වෙනවා. ඇත්තටම සනත් කියන්නේ කවුද?

මේ රටේ ඉපදිලා ක්‍රිකට් ක්‍රීඩා කරලා රටට ජාත්‍යන්තර කීර්තියක් ලබා දීලා දැන් ක්‍රිකට් වලින් සමු අරන් සාමාන්‍ය විදියට ජීවත් වෙන මනුස්සයෙක්.

ShareTweetSendShare

Related Posts

නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි – Photos
Gossip Mania

නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි – Photos

2021-03-02
24
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි
Gossip Mania

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
සිනෙති අකිලාගේ Anniversary shoot එක – Photos
Gossip Mania

සිනෙති අකිලාගේ Anniversary shoot එක – Photos

2021-03-01
5
විනූ සිරිවර්ධන 6th Month ඇනිවසරි එක සමරයි – Photos
Gossip Mania

විනූ සිරිවර්ධන 6th Month ඇනිවසරි එක සමරයි – Photos

2021-03-01
19
කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු ඡායාරූප – Photos
Gossip Mania

කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු ඡායාරූප – Photos

2021-03-01
11
ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි
Local

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
5
Next Post
තවත් කොරෝනා ආසාදිතයන් 227 දෙනෙකුට පූර්ණ සුවය

තවත් ආසාදිතයන් 684කට සුවය

ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිළවරණයට දින නියම වෙයි

Discussion about this post

MORE LOCAL NEWS

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
0
12

ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාල සීමාව තවදුරටත් දීර්ඝ...

විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
0
8

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම...

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
0
7

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය...

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
0
5

දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වරල් කිලෝ 300ක් සහ මත්ස්‍ය කරමල කිලෝ 160ක්...

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
0
7

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ගුවන් හමුදා...

Sports News

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk