• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 1:52 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

“සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ” හමුව ජනපති සහභාගීත්වයෙන්

2021-01-14 ‍| 7:08 pm
“සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ” හමුව ජනපති සහභාගීත්වයෙන්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

“සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ” 13 වැනි විධායක කවුන්සිල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පෙරවරුවේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්විණ.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු එකමුතුකම අරමුණු කරගත් රැසියානු සහ මොංගෝලියානු බෞද්ධ නායකයෝ අන්තර්ජාතික බෞද්ධ සංවිධානයක අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කළහ.

එහි ප්‍රතිඵලයක් ලෙස 1970 ජුනි මස 13 වැනි දින මොංගෝලියාවේ උලන් බටාර් නගරයේ මහා විහාරයට රැස් වූ ගිහි පැවිදි බෞද්ධ නායකයෝ “ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ” ප්‍රථම සමුළුව පැවැත්වූහ. දෙවන සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වා තිබේ. මේ වන විට ලෝකයේ සියලු බෞද්ධ රටවල් මෙහි සාමාජිකත්වය ගෙන සිටී.

13 වන විධායක කවුන්සල සභා රැස්වීමේ සත්කාරක දායකත්වය ශ්‍රි ලංකාවට හිමිව තිබේ. කොරෝනා වසංගතය හමුවේ සත්කාරක රට වශයෙන් ක්‍රියා කිරීම මෙරට ලැබූ සුවිශේෂ ගෞරවයක් හා සෙසු රටවල් අතර සමීප සබඳතාවකට හේතු වනු ඇතැයි ආසියානු බෞද්ධ සම්මේලනය පෙන්වා දෙයි.

අද ඇරඹි විධායක කවුන්සිල සභා රැස්වීමට Zoom සන්නිවේදන තාක්ෂණය ඔස්සේ රටවල් 25ක නියෝජිතයෝ එක්ව සිටියහ.

විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්හි නිරතවීමෙන් අනතුරුව සමුළුවට සහභාගී විය.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සමුළුවේ අරමුණ පැහැදිළි කළහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ “කොවිඩ් – 19 හමුවේ බෞද්ධයන්ගේ කාර්යභාරය” යන මැයෙන් මුලසුන දේශනය කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රධාන දේශනය කළේය. මොන්ගෝලියානු අග්‍රාමාත්‍ය උක්හාන් ජින් කුරේල්සුක් (Ukhnaagiin Khurelsukh) මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතීය.

ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නා හිමියෝ සමුළුවේ ප්‍රථම භාගයේ අවසාන දේශනය කළහ.
සමුළුවේ සමාරම්භක අවස්ථාවෙන් පසු ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඤාණ නායක හිමියන් බැහැදුටු ජනාධිපතිතුමා සුගන්ධ කුටියට ගොස් සර්වඥ ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ දේශීය හා විදේශීය බෞද්ධ නියෝජිතයෝ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

ShareTweetSendShare

Related Posts

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක
Local

තවත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළට

2021-03-01
15
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

කොරෝනා ආසාදිතයන් 192 ක්

2021-03-01
5
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

ආසාදිතයින් 475කට සුවය

2021-03-01
6
බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකරටත් කොරෝනා
Local

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17 වන දාට කල් යයි

2021-03-01
2
රාජ්‍ය අමාත්‍යංශ 39කට ලේකම්වරු පත් කෙරේ
Local

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ

2021-03-01
4
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි
Local

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි

2021-03-01
6
Next Post
අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති විවෘත කරයි

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති විවෘත කරයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම තහනම්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම තහනම්

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළට

2021-03-01
0
15

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

කොරෝනා ආසාදිතයන් 192 ක්

2021-03-01
0
5

තවත් කොරෝනා ආසාදිතයන් 192 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

ආසාදිතයින් 475කට සුවය

2021-03-01
0
6

අද (01) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 475ක් සුවය ලබා ඇතැයි...

බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකරටත් කොරෝනා

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17 වන දාට කල් යයි

2021-03-01
0
2

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර...

රාජ්‍ය අමාත්‍යංශ 39කට ලේකම්වරු පත් කෙරේ

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ

2021-03-01
0
4

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබෙනවා. ඒ අනුව, නව ලේකම්වරු...

Sports News

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk