මැගසින් බන්ධනාගාරයේ තාප්පයක කොටසක් පෙරේදා (20 වැනිදා) රාත්‍රියේ කඩා වැටී ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.
යුද හමුදාව පෙරේදා (20 වැනිදා) රාත්‍රියේම එම කඩා වැටුණු කොටස තාවකාලික තහඩු යොදා ආවරණය කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් යොදවා එම ස්ථානයේ ආරක්ෂාවද තර කිරීමට පියවර ගෙන තිබෙනවා.
බන්ධනාගාර මූලස්ථානය පෙන්වා දෙන්නේ මැගසින් බන්ධනාගාරයේ රැඳවූවන් 1000කට ආසන්න පිරිසක් රඳවා සිටින අතර දිවා කාලයේ දී තාප්පය කඩා වැටුණේ නම් ජීවිත හානි පවා සිදු වීමට ඉඩකඩ තිබූ බවද රැඳවූවන් පැනයාමේ හැකියාවක් ද තිබූ බවයි.
මෙම තාප්පය කඩා වැටෙන අවස්ථාවේ රැඳවූවන් සිරමැදිරි තුළ සිටි හෙයින් කිසිවකුටත් අනතුරක් සිදුව නොමැත.
එමෙන්ම කඩාවැටුණු තාප්පය වසර අසූවකට අධික කාලයක් පැරැණි එකක් බව පැවසෙනවා.
මේ වනවිට එය කඩිනමින් යථා ත්ත්ත්වයට පත් කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
Discussion about this post