• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-19 | 12:43 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

LTTE සාමාජිකයන් සියල්ලන්ටම කරුණා සමාව ඉල්ලයි

2021-01-04 ‍| 9:46 am
LTTE සාමාජිකයන් සියල්ලන්ටම කරුණා සමාව ඉල්ලයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

එල්.ටී.ටී.ඊ. සංවිධානය නියෝජනය කළ තමන් වැනි නායකයින් හා තවත් සාමාජිකයින් රැසක් පොදු සමාව යටතේ නිදහස්ව සිටියදි ඉතිරි සියලු දෙමළ දේශපාලන සිරකරුවන්ද පොදු සමාවක් යටතේ නිදහස් කළ යුතු යැයි දෙමළ එක්සත් නිදහස් පක්ෂයේ නායක විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මැතිවරණ කාලයේදි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පොරොන්දු ලබාදුන් බවද කිලිනොච්චියේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ දෙමළ එක්සත් නිදහස් පක්ෂයේ නායක විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෙලෙස කියා සිටියා

“දෙමළ දේශපාලන සිරකරුවන් සියලු දෙනා අනිවාර්යෙන්ම නිදහස් කළ යුතුය යන ස්ථාවරයේ මම සිටිනවා. යුද්ධය අවසන් වු කාලයේ එවක ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වටිනා තීරණයක් ගනු ලැබුවා. ඒ එල්ටීටීඊ සංවිධානයේ නායකයින් ඇතුළු සියලූ දෙනා පොදු සමාවක් යටතේ නිදහස් කිරීමයි. ඒ අනුව අප ඇතුළු විශාල එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක් නිදහස් කරනු ලැබුවා.දැනට නිදහස් කිරීමට සිටින්නේ ඉතා සුළු පිරිසක් පමණයි. ඔවුන්ද නිදහස් විය යුතුයි. ඇත්තෙන්ම ඔවුන්ගේ ජීවිත ඉතා වේදනාකාරියි.

එම දේශපාලන සිරකරුවන් ඇත්තෙන්ම අයත් වන්නේ සාමාන්‍ය ජනතාව ගණයටයි. ඔවුන් සෘජුවම යුද්ධයට හෝ සම්බන්ධ වුවන් නොවෙයි. අප ඔවුන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අවධානයෙන් පසු වෙනවා. අතුරුදන්වුවන්ගේ ගැටලූවටත් ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතුයි. අතුරුදන්වුවන්ගේ ගැටලූවට ඔව් හෝ නැහැ යන පිළිතුර ලබාදිය යුත්තේ රජයයි. එවිට එම අතුරුදන්වුවන්ගේ ඥාතීන් හට ඉතිරි යුතුකම් ඉටු කිරීමට අවස්ථාව ලැබෙනු ඇති.

ලෝකය දැන් වෙනස් වෙලා තිබෙනවා. ඉස්සර අපගේ නායකයින් තනි රටක් ඉල්ලා සිටියාට වර්තමානයේ එවැනි ඉල්ලීම් වලංගු වන්නේ නැහැ. නමුත් දෙමළ ජනතාව වශයෙන් අප අපගේ ඉල්ලීම් අභිලාෂයන් ඉටු කර ගනිමින් නිදහස් ජනතාවක් වශයෙන් ජීවත් විය යුතුයි.

අප පක්ෂය එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහාත් ඉදිරිපත් වෙනවා. නමුත් තවම අප පක්ෂය තනිව ඉදිරිපත් වෙනවාද අනෙකුත් පක්ෂ හා එක්ව තරඟ කරනවාද කියා තීරණය කර නැහැ. දෙමළ ජාතික සන්ධානය සමග වුවත් අපි කතා කරන්න සුදානම්. දෙමළ ජාතික සන්ධානය අප විවේචනය කළා. ඒ ඔවුන්ගේ වැරදි පෙන්වාදීම සදහා පමණයි. දෙමළ ජාතික සන්ධානය පසුගිය ආණ්ඩුවට සහයෝගය ලබාදුන්නත් ජනතාව වෙනුවෙන් කිසිවක් අත් කරදීමට සමත් වුණෙ නැහැ. නමුත් දෙමළ ජනතාවගේ අභිලාෂයන් දිනා ගන්න සියලූ දෙමළ පක්ෂ එක්ව කටයුතු කළ යුතුයි කියා මම විශ්වාස කරනවා”

ShareTweetSendShare

Related Posts

පන්නිපිටිය ප්‍රදේශයේ පාසැලක ළමුන් 06 කට කොරෝනා
Breaking News

පන්නිපිටිය ප්‍රදේශයේ පාසැලක ළමුන් 06 කට කොරෝනා

2021-04-19
2
පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්
Breaking News

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
18
කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්
Breaking News

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
7
කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට
Breaking News

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
47
මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි
Breaking News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
45
මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි
Breaking News

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
37
Next Post
ගුවන්තොටුපොළ 23 වැනිදා සිට සැමට විවෘතයි

ගුවන්තොටුපොළ 23 වැනිදා සිට සැමට විවෘතයි

එකම අංකෙන් ලොතරැයි දෙකක් – ලොතරැයි මණ්ඩලය වරද පිළිගනියි

එකම අංකෙන් ලොතරැයි දෙකක් - ලොතරැයි මණ්ඩලය වරද පිළිගනියි

Discussion about this post

MORE LOCAL NEWS

පන්නිපිටිය ප්‍රදේශයේ පාසැලක ළමුන් 06 කට කොරෝනා

පන්නිපිටිය ප්‍රදේශයේ පාසැලක ළමුන් 06 කට කොරෝනා

2021-04-19
0
2

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පාසැලක ළමුන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට...

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
0
18

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික...

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
0
7

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා...

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
0
47

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ...

මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
0
37

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
45
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk