ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය අද (16) පැවැත්වෙනවා.
ඒ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.
තරඟය අද රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතය.
ගෝල් කණ්ඩායම භාණුක රාජපක්ෂ විසින් මෙහෙයවන අතර තිසර පෙරේරා ජැෆ්නා කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය නොවැම්බර් 26 වනදා ආරම්භ වු අතර කලම්බු කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා ස්ටැලියන්ස්, දඹුල්ල වයිකින්ග් සහ කැන්ඩි ටස්කර්ස් ලෙස කණ්ඩායම් පහක් එහිදී තරඟ වැඳුනා.
පළමු අවසන් පුර්ව තරඟයේදී කලම්බු කණ්ඩායම පරදවා ගෝල් කණ්ඩායම අවසන් තරගයට සුදුදුකම් ලබාගත් අතර දඹුල්ල කණ්ඩායම පරදවා දෙවන අවසන් පුර්ව තරඟය ජය ගැනීමට ජැෆ්නා පිළ සමත් වුණා.
Discussion about this post