• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-15 | 11:05 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මාධ්‍යවේදියා ගේ පැහැරගෙන යාමේ කතාව බොරුවක් : රාජිත සහ චතුර ගෙන් ප්‍රශ්න කිරිමට පොලිසිය සැරසේ

2021-03-18 ‍| 6:01 pm
මාධ්‍යවේදියා ගේ පැහැරගෙන යාමේ කතාව බොරුවක් : රාජිත සහ චතුර ගෙන් ප්‍රශ්න කිරිමට පොලිසිය සැරසේ
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

මහිම – සියරට යන පුවත්පත්වල මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරනු ලබන සුජීව ගමගේ නැමැත්තා විසින් පසුගිය මාර්තු මස 10 වෙනිදා මීරිගම ප්‍රදේශයේ දී තමන් පැහැර ගෙන ගොස් වධහිංසා පැමිනෙවු බවට දක්වමින් සිදුකළ පැමිණිල්ල සම්පුර්ණයෙන් අසත්‍ය බවට හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධයෙන් එම මාධ්‍යවේදියා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මෙම මාධ්‍යවේදියා පැහැර ගෙන යෑම සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ විමර්ශනයකින් මේ පිලිබඳව කරුණු හෙළිවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සුජීව ගමගේ නම් මාධ්‍යවේදියා පසුගිය 10 වෙනිදා පෙරවරු 10.00 ට පමණ මීරිගම දුම්රිය ස්ථානය අසලදී සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන දත්ත ඇතුලත් මෙමරි චිප් පතක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් පසුව යම් කිසි ද්‍රව්‍යයකින් දෑත් පිලිස්සුබව පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පසුව එම කණ්ඩායම තමන්ව දහවල් 1.00 ට පමණ මාලිගාවත්ත ප්‍රදේශයේ අත්හැර දමා ගිය බවට පොලිසියට සිදුකළ පැමිණිල්ලේ දැක්වේ.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මීරිගම පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශයද ඒ ගැන විමර්ශන ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එහිදී CCTV කැමරා උපයෝගී කරගනිමින් සිදුකළ විමර්ශනයේදී ඔහු සිදුකල පැමිණිල්ල අසත්‍ය බවට හෙළිව තිබෙනවා.

පැහරගෙන යෑමකට ලක්වූ බව කියන මෙම මාධ්‍යවේදියා මීගමුවේ සිට පැමිණි දුම්රියකින් දහවල් 1.00 ට පමණ දෙමටගොඩ දුම්රිය ස්ථානය අසලින් බැස තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ගේ කාර්යාලයට යන අයුරු CCTV කැමරාවල සටහන්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

එම කාර්යාලයේ පැය 03 කට ආසන්න කාලයක් ඔහු ගත කර ඇති මෙම මාධ්‍යවේදියා එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ද හමුව ඇති බවත් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව දින 06ක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇති බව විමර්ශන වලින් හෙළිව ඇත.

මෙම මාධ්‍යවේදියා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබු ආකාරයට පැහරගෙන ගිය කණ්ඩායම ඔහුගේ දෑත් කිසියම් ද්‍රව්‍යකින් පිලිස්සු බවට වන ප්‍රකාශය ද අසත්‍ය බවට හෙළිව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ මෙම මාධ්‍යවේදියා විසින් පසුගිය 09 වෙනිදා රාත්‍රියේදී මේසන් හැන්දක් ආධාරයෙන් සිය නිවසේ දී තමන්ගේ දෑත් පුළුස්සාගෙන ඇති බවයි.

මේ වන විට අසත්‍ය පැමිණිල්ලක් කිරීමේ චෝදනාවට එම මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුගේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න ගෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

ShareTweetSendShare

Related Posts

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්
Breaking News

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

2021-04-15
34
කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්
Breaking News

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
7
රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට
Breaking News

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
13
වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ
Breaking News

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
37
බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
9
ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්
Breaking News

ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්

2021-04-15
407
Next Post
විශේෂ බන්ධනාගාර කිහිපයකට CCTV සවි කිරීමට යයි

විශේෂ බන්ධනාගාර කිහිපයකට CCTV සවි කිරීමට යයි

අංකය වෙනස් නොකර කැමති දුරකථන ජාල ක්‍රියාකරුවෙකු තෝරා ගැනීමේ පහසුකම ඔක්තෝම්බර් මාසයේ සිට

අංකය වෙනස් නොකර කැමති දුරකථන ජාල ක්‍රියාකරුවෙකු තෝරා ගැනීමේ පහසුකම ඔක්තෝම්බර් මාසයේ සිට

Discussion about this post

MORE LOCAL NEWS

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

2021-04-15
0
34

වියළි කාලගුණයත් සමග ජල මූලාශ්‍රවල, ජල ධාරිතාව පහළ බැසීම නිසා ඇතැම්...

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
0
7

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික...

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
0
13

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල්...

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
0
37

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන...

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
0
9

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
10
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk