ප්‍රදේශ කිහිපයක අද (24) පස්වරු 6.00 සිට හුදකලා බව ඉවත් කිරීමට සහ අලුතින් පැනවීම සිදුකරනු ලබන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව,
අද පස්වරු 6 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ
වැල්ලවත්ත පොලිස් වසමේ නසීර් වත්ත
නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම්වල වාරණ පන්සල පාර, කත්තොට පාර හිද්‍රා මාවතට ඇතුළත් වන ප්‍රදේශ.
මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව නැගෙනහිර හා ගාල්ඔලුව බටහිර
අද පස්වරු 6 සිට හුදකලා බව අලුතින් පනවන ප්‍රදේශ
මිනුවන්ගොඩ පොලිස් වසමේ,
ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත, අලුත් පාර සහ අකරගොඩ
Discussion about this post