පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි ඊයේ (01) රාති‍්‍රයේ දිවයිනට පැමිණියා. ඒ, දෙදින නිල සංචාරයක් අරඹමින්.

පාකිස්තානයේ කරච්චි නුවර සිට පැමිණි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් U ළ් 184 දරණ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත ළගාවුණා. කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ දී ප‍්‍රකාශයක් කළ පාකිස්තානු විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ මෙය විශේෂ සංචාරයක් බවයි.තමන් පාකිස්තානු අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ් විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දීමට පැමිණි බව ද අනතුරුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට බලාපොරොත්තු වන බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.

මෙන්න බලන්න තවත් පුවත්