• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 3:56 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

පිරිසක් ඉදිරියේ නිරුවත් වෙන්න හයියක් මට තියෙනවා – චමත්කා ලක්මිණි

2021-01-16 ‍| 4:18 pm
පිරිසක් ඉදිරියේ නිරුවත් වෙන්න හයියක් මට තියෙනවා – චමත්කා ලක්මිණි
0
SHARES
33
VIEWS
Share on FacebookShare on Twitter

චමත්කා ලක්මිණි කියන්නේ අභියෝගාත්මක චරිත රංගනයන්හි යෙදෙන රංගන ශිල්පිණියක්. ඒ නිසාම ඇය ඇතැමුන්ගේ ඇගයීමටත් තවෙකුගේ විවේචනයටත් පාත්‍ර වෙනවා.

කොහොමද චමත්කා. මේ දවස්වල සයිබර් බෙගර්ස් එක්කද ජීවත් වෙන්නෙ?

වරදක් නැහැ. හොඳින් ඉන්නවා. කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ සයිබර් බෙගර්ස් නිර්මාණය තමයි මම අන්තිමට සම්බන්ධ වුණ නිර්මාණය. අලුත් නිර්මාණයකට නම් මම සම්බන්ධ වුණේ නැහැ. දැන් වැඩිපුරම කරන්නේ පුතා අග්‍ර එක්ක කාලය ගත කරන එක. කොවිඩ් ප්‍රශ්නය එක්ක මේ දවස්වල හැමෝටම වැඩ අඩුයි. මම කොහොමත් වැඩ අඩුවෙන් කරන කෙනෙක්.

සයිබර් බෙගර්ස් තුළ ඔබට වෙනසක් කරන්න ලැබුණා කියලා හිතනවද?

කසුන් මහේන්ද්‍රට මම ස්තූතිවන්ත වෙනවා මාව මේ නිර්මාණයට තෝරා ගැනීම ගැන. මගේ රංගන හැකියාවේ වෙනම පැත්‍තක් කසුන් දැක්කා. කසුන් පිටපත අරගෙන ඇවිත් මට කිව්වේ මට මේකට ඕනේ චමත්කාගේ නිරුවත් රංගනයක් නෙමෙයි. රංගන ධාරිතාවය පෙන්වන්නයි ඕනේ කියලා. මට වඩා ගොඩක් වැඩිමහල් පුද්ගලයෙකුගේ බිරිය ලෙස මම රඟපාන්නේ. මැර චරිතයක් විදිහට මට ඉන්න තිබ්බේ. මම කලින් ඒ වගේ චරිතයක් කරලත් තිබ්බේ නැහැ.

විවාහය එක්ක, මව් භූමිකාව එක්කවත් චමත්කාට සීමා වාරණ පැනවිලා නැද්ද?

නැහැ. මගේ පෞද්ගලික ජීවිතය වෙනයි. මගේ රංගන ජීවිතය වෙනයි. මවක් වුණා කියලා රංගනයට සීමා පනවා ගන්න මට ඕන වුණේ නැහැ. රංගනය මගේ වෘත්තිය. බිරියක් මවක් වුණා කියල රංගනයෙදි කරන දේවල්වලට මම සීමා පනවා ගත්තේ නෑ කවදාවත්.

ඔබේ සැමියා කවදාවත් ඔබ කරන දේවල්වලට වැට කඩොළු බැන්දෙත් නැද්ද?

නැහැ. මම කරපු නිර්මාණ සැමියා දන්නවා. හොඳ තේරුම් ගැනීමක් තියෙන සැමියෙක් මට ඉන්නේ. මම එයාව, එයාගේ වෘත්තිය හොඳට තේරුම් අරගෙන ඉන්නවා වගේම එයා මාවත් මගේ වෘත්තියත් හරියට තේරුම් අරගෙන ඉන්නවා. මගේ සැමියා සීමන් කෙනෙක්. ඒ නිසා එයා ලංකාවට එන්නේ මාස හයකට වතාවක්. අපි එකිනෙකා ගැන අවබෝධයෙන් ජීවත්වෙන නිසා අපිට ජීවත්වෙන්න පහසුයි. මම නිරුවත් වෙන්නේ කැමරාවක් ඉදිරියේ විතරයි කියලා එයා දන්නවා.

ඔබ නිර්මාණයකට නිරුවත් වුණත් එය කලාවක් විඳිහට විදින ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියලා හිතනවද?

ඉස්සර තමයි නිර්මාණයකට නිරුවත් රංගනයක් කළාම අපි සැබෑ ජීවිතෙත් ඒ වගේ කියලා හිතන පිරිසක් හිටියේ. දැනුත් එහෙම ඉන්නවා. මම නෑ කියන්නේ නැහැ. හැබැයි දැන් අපි කරන්නේ රංගනයක් විතරයි කියලා හිතන්න පුළුවන් බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් හැදිලා ඉන්නවා කියලා හිතනවා.

ඔබ දැන් එක රාමුවක නිළියක් වෙලා කියලා හිතෙන්නෙ නැද්ද?

හුස්ම චිත්‍රපටයේ රඟපෑවට පස්සේ මාව එක රාමුවකට කොටු කරන්න හැදුවා. නමුත් මට කොටු වෙන්න අවශ්‍ය නැහැ. තිර රචකයන් ,අධ්‍යක්ෂකවරු මගේ රංගනයේ විවිධත්වයක් දකිනවට මම කැමැතියි. නිරුවත් රංගනයක් කරන්න දුන්නොත් බය නැතුව කරනවා කියලා මාව කොටු කරනවට මම කැමැති නැහැ. දැන් මගේ රංගන විවිධත්වයක් පෙන්වන්නත් අවස්ථා ලැබෙනවා. සයිබර් බෙගර්ස් කියන්නේ ඒ වගේ වැඩක්.

අධ්‍යක්ෂවරුන්ගෙන් රංගන ශිල්පිනියන්ට අයුතු බලපෑම් එනවලු. නිරුවත් රංගනයකට වුණත් බය නැතුව මුහුණ දෙන චමත්කාට ඒ වගේ බලපෑම් ඇවිත් නැද්ද?

මෙහෙමයි. එක එක කෙනා වැඩ කරන විදිහ අනුව තමයි ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙන්නෙ. තමන්ට අගයක් වටිනාකමක් හදාගත්තොත් ඔය දේවල්වලින් අයින් වෙන්න පුළුවන්. මම හිතන්නේ කිසිම පිරිමියෙක් කිසිම ගැහැනියෙක්ට බලෙන් ළං වෙන්නේ නැහැ. අයුතු ප්‍රයෝජනයක් ගන්න එන්නෙත් නැහැ.

ඒ කියන්නෙ චමත්කාට එහෙම අයුතු යෝජනා ඇවිත්ම නැද්ද?

අයුතු යෝජනා ඕන තරම් මට ඇවිත් තියෙනවා. එහෙම නෑ කිව්වොත් බොරුවක්. එවැනි යෝජනා අදටත් හෙටටත් එයි. මම ක්ෂේත්‍රයේ රැදෙනකල් එයි. හැබැයි ඒ අයුතු යෝජනා ගේන අය එක්කම අපි ඒ යෝජනාවලට එකඟග නැතිබව දන්වලා අදළ නිර්මාණය සුහදව කරලා තියෙන අවස්ථා තියෙනවා.

ඔය හැමදෙයකටම මුහුණ දීලා රංගනයේ රැඳෙන එකත් ලේසි පහසු නෑ නේද?

ඇත්තටම ඔය හැමදේටම මුහුණ දීලා ක්ෂේත්‍රයේ රැඳෙන එක ගේමක්. ගහන ගල් මුල්වලට මුහුණ දෙන්න පුළුවන් නම් එන අභියෝගවලට නොසැලී මුහුණ දෙන්න පුළුවන්නම් මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්. ළද බොලඳ වෙලා ඇඹරි ඇඹරි මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න අමාරුයි.

ඔබ එහෙම ළද බොලඳ නැහැ කියලද කියන්නේ?

මම මිනිස්සු කියන දේවල් වලින් අවශ්‍යම දේවල් විතරයි මගේ ජීවිතයට ගන්නෙ. අනවශ්‍ය දේවල් ඔළුවට ගත්තොත් මට ක්ෂේත්‍රයෙන් කැපෙන්නෙ වෙන්නේ. තරුණ පරම්පරාවේ නිරුවත් රංගනයන් කරපු අය මම දැකලා තියෙනවා. ඔවුන් එවැනි එක රංගනයක් කරලා අයින් වුණා. ඔවුන් නරක ප්‍රතිචාර ලැබෙද්දි බය වුණාද දන්නේ නැහැ. මම නම් අනෙක් අය ලබා දෙන නරක ප්‍රතිචාර ඔළුවට ගන්නේ නැහැ. ඒවා ඔළුවට ගත්තොත් මගේ පවුල් ජීවිතයත් ඉදිරියට ගෙනියන්න බැරිවෙනවා. ඒ නිසා මම අනවශ්‍ය දේවල් ඔළුවට නොගෙන සරලව මගේ වැඩේ කරලා සරලව ජීවත් වෙනවා.

නිර්මාණයක් වෙනුවෙන් නිරුවත්වීම වුණත් හැමෝටම කරන්න බැහැ. ඔබට කවදාවත් එවැනි රංගනයක අපහසුවක් දැනිලම නැද්ද?

පිරිසක් ඉදිරියේ නිරුවත් වීම ලෙහෙසි පහසු කාරණයක් නොවෙයි. හොඳ පවුල් ජීවිතයක් රැකගෙන අපහසුවෙන් වුණත් එය කරන්නෙ ඒක මගේ රැකියාව නිසා. මගේ සැමියා වුණත් හොඳ තේරුම් ගැනීමකින් ඉන්න නිසා මට ප්‍රශ්නයක් නැහැ.

ඔබ නිර්මාණයක් වෙනුවෙන් වුණත් නිරුවත් රංගනයක් කිරීම ඔබේ දරුවා කවදා හරි දවසක කලාවක් විදිහට පිළිගනියිද?

ඒ මගෙයි සැමියාගෙයි දරුවා. සැමියා මාව තේරුම් ගන්නවා නම් අපේ දරුවත් ඒක කවදා හරි තේරුම් ගනියි. මම මගේ දරුවව මම යන යන තැනට අරගෙන යනවා. මම කරන්නේ මොනවද කියලා එයා පොඩි කාලේ ඉදන් දකිනවා. පවුල් ජීවිතයත් රැකගෙන ජිවත් වෙන නිසා අම්මා රංගන ශිල්පිනියක් ලෙස කළ දේ අපේ දරුවා තේරුම් ගනියි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

 

 

ShareTweetSendShare

Related Posts

රජ පවුලෙන් සිදු වූ හිරිහැර ගැන මේගන් හෙලිකළ දේ මෙන්න
Gossip Mania

රජ පවුලෙන් සිදු වූ හිරිහැර ගැන මේගන් හෙලිකළ දේ මෙන්න

2021-03-08
4
දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි
Gossip Mania

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
හිමාලි පූල් එකේ ගත්ත ලස්සන ඡායාරූප එකතුවක් – Photos
Gossip Mania

හිමාලි පූල් එකේ ගත්ත ලස්සන ඡායාරූප එකතුවක් – Photos

2021-03-08
5
සංගීත් යළි විවාහ වෙයි? – Photos
Gossip Mania

සංගීත් යළි විවාහ වෙයි? – Photos

2021-03-08
4
සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ව්‍යාජ පණිවුඩය ගැන දැනුවත් ද?
Local

සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ව්‍යාජ පණිවුඩය ගැන දැනුවත් ද?

2021-03-08
6
චුලක්ෂිගේ නවතම හැඩවැඩ – Photos සහිතයි
Gossip Mania

චුලක්ෂිගේ නවතම හැඩවැඩ – Photos සහිතයි

2021-03-07
2
Next Post
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 487 දෙනෙකුට සුවය

පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණයක් ගෙන නැහැ – කතානායක කියයි

පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණයක් ගෙන නැහැ - කතානායක කියයි

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
6

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08)...

තවත් 807කට සුවය

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
0
5

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ...

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
0
5

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු වඳ භාවයට...

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
4

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk