• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 12:33 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

වෘත්තියට වඩා හොඳ බිරියක් ගෘහණියක් වෙන්න රංගනය අතහරින්න මම තීරණය කළා – නිපු­නිකා හේවා­ග­මගේ

2021-02-01 ‍| 12:17 pm
වෘත්තියට වඩා හොඳ බිරියක් ගෘහණියක් වෙන්න රංගනය අතහරින්න මම තීරණය කළා – නිපු­නිකා හේවා­ග­මගේ
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

අලුත් ජීවිතේ හරිම ආදරයෙන් සැහැල්ලුවෙන් ගෙවනවා. හිතාගෙන හිටියා වගේම ලස්සනට අපේ විවාහ උත්සවයත් සමරන්න පුළුවන් වුණා.

ඒ ලස්සන ජීවිතේ හිමිකාරයා ගැනත් කියමු නේද?
ලහිරුගේ නංගිගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ගීතයක් කරලා තිබුණා. ඒ වැඩවලදි තමයි මට ලහිරුව මුණ ගැහුණේ. අවුරුද්දක විතර සම්බන්ධයකින් පස්සේ අපි විවාහ වෙන්න තීරණය කළා.

එතරම් ඉක්මණින් ඔහු තමයි ජීවන සහකරුවා කියලා තීරණය කරන්න පුළුවන් වුණාද?
අපි යාළු වෙලා ටික කාලෙකින් තමයි රටේ කොවිඩ් ප්‍රශ්නය ආවේ. අපි නිතර කතා බහ කළා. අදහස් බෙදා ගත්තා. වැඩිපුර කතාබහ දුරකථනයෙන් තමයි. මුලින්ම කතා කරද්දි තේරුණා ඔහු ගොඩක් හොඳයි කියලා. ඔහුගේ පවුලේ අයත් ඔහු වගේම හරිම හොඳයි. අපි අපිව හරියට හඳුනා ගත්තාට පස්සේ හිතුණා විවාහය කල් දාන්න ඕනේ නැහැ කියලා.

ලහිරුගේ තිබුණු විශේෂත්වය කුමක්ද?
ඔහුට අකැමැති වෙන්න පොඩි කාරණයක්වත් මට තිබ්බේ නැහැ. ලහිරුට හරිම ලස්සන හදවතක් තියෙනවා. සරලව ජීවත් වෙන අහිංසක කෙනෙක්. ඔහුගේ පවුලේ අය ගැන හිතන තරමටම මං ගැන හිතනවා. මට ආදරය රැකවරණය දෙන්න පුළුවන් හොඳම කෙනා ලහිරු වග මට මුල් දවසෙම දැනුණා. මගේ ජීවිතේ හොඳම තෝරාගැනීම ඔහු.

ඔය ආදර කතාවට බාධා තිබුණේ නැද්ද?
බාධාවක් එන්න කාරණයක් තිබ්බේ නැහැ. ඒ ගැන සතුටුයි. ලහිරුගේ පවුලේ අය විවෘතව හිතන පතන හොඳ අවබෝධයක් තියෙන අය. අපේ සම්බන්ධය ගැන මවුපියන්ට කිව්වට පස්සේ හරිම පිළිවෙලට හැමදේම වුණා. ලහිරුට හැමදේම පිළිවෙලකට කරන්න ඕනකම තිබ්බා.

නිපුනිකා නිළියක් යන කාරණය ලහිරු භාර ගත්තේ කොහොමද?
ඔහු මාව දැක්කේ රංගන ශිල්පිනියක් විදිහට නෙමෙයි. මම රංගන ශිල්පිනියක් වීම ඔහුට ප්‍රශ්නයක් වුණේ නැහැ.

විවාහය උත්සවය යොදාගෙන හිටපු දවසේ කරන්න බැරි වීමත් හොඳට හිටියා නේද?
අපේ විවාහ මංගල උත්සවය ගන්න දවස් පහක් තියෙද්දි තමයි බස්නාහිර පළාතට ඇදිරි නීතිය දැම්මේ. අපි අන්තිම මොහොත වෙනකල්ම පෝරුවේ චාරිත්‍ර හරි කරනවද කිය කිය හිතමින් හිටියේ. නමුත් විවාහ උත්සවයකට සහභාගී විය හැකි සංඛ්‍යාව 50කට සීමා කළ පසු අපි තීරණය කළා උත්සවය කල් දාන්න.

පෝරුවේ චාරිත්‍ර යොදා ගත්තේ ජනවාරි 17 වැනිදා. අපි ආස කරපු විදිහට සැලසුම් කරපු විදිහට විවාහ උත්සවයත් ගන්න පුළුවන් වුණා. ලහිරු තමයි ඒ හැමදේම සැලසුම් කළේ. මාව ලස්සනට හැඩ ගැන්වුවේ හර්ෂණ කසුන් සේනානායක.

විවාහය දවසේම ලහිරු ඔබව පුදුම කළා කියලත් ආරංචියි?
ලහිරු මං වෙනුවෙන් ගීතයක් රචනා කර සංගීතවත් කර උත්සවය දවසේ ගායනා කළා. මට පුදුම හිතුණා ඔහු මට හොරෙන් කොහොමද සිංදුව කළේ කියලා.

විවාහයෙන් පස්සේ නිපුනිකාගේ ජීවිතේ වෙනස් වේවිද ?
විවාහ වුණා කියලා අපි දෙන්නට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. මගේ අම්මා තාත්තා වගේමයි ලහිරුගේ මවුපියොත්. ගෙදර වෙනස් වුණා විතරයි. ජීවත් වෙන්න තියෙන පරිසරය හරිම නිදහස්. මම ගෙදරින් ගියාට අම්මයි තාත්තයි දුකක් නැතුව ඉන්නෙත් මම ගෙදර හිටියා වගේම සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා කියලා දන්න නිසා.

විවාහයෙන් පස්සේ රංගනය ගැනත් යම් තීරණ ගත්තා නේද?
මගේ ජීවිතේ නොයෙක් කාලවල සැලසුම් කළ දේවල් ඒ විදිහට මම ඉටු කරගත්තා. විවාහ වුණාට පස්සේ මම පවුල් ජීවිතේට මුල් තැන දෙන්න ඕනේ කියලා හිතුවා. ඒ නිසා මම රංගනයෙන් ඈත් වෙන්න හිතුවා. දැනට මගේ පොඩි ව්‍යාපාර කටයුත්තක් තියෙනවා. ඉදිරියෙදි ඒක වැඩි දියුණු කරගන්න අදහසක් තියෙනවා.

රංගනයෙන් ඉවත් වීමේ තීරණය ඔබේම තීරණයක් ද?
ලහිරු මගේ කිසිම දේකට බලපෑම් කරන්නෙ නැහැ. නීති දාන්නෙත් නැහැ. ඒ නිසා මට ඔහු එක්ක ජීවත් වීම පහසුයි. මට මේ ක්ෂේත්‍රය නිසා බොහෝ දෙනාගේ ආදරය ගෞරවය ලැබුණා. ඒකට ස්තූතිවන්ත වෙනවා. ජීවිතයේ සමහර තීරණ මම කැමැත්තෙන් ගන්තේ. මම ලහිරුට ගොඩක් ආදරෙයි. වෘත්තියට වඩා හොඳ බිරියක් ගෘහණියක් වෙන්න රංගනය අතහරින්න මම තීරණය කළා.

රංගනය අත්හැරියා කියලා හොඳ බිරියක් වෙන්න පුළුවන්ද ?
මට සාමාන්‍යයෙන් ඉක්මනින් කේන්ති යනවා. හැබැයි ඉක්මනින් කේන්ති නිවෙනවා. ලහිරු කියනවා දැන් මම කේන්ති ගන්නෙත් නැ කියලා. මම ඔහුට කිව්වේ මම ලෝකෙ හොඳම බිරිය වේවි කියලා.

මවුපිය සිහිනය ඉක්මනින් සැබෑ වේවිද?
මගේ ජීවිතේ හැමදේම හොඳ විදිහට සිද්ධ වුණා. මවක් වීමත් හරි වෙලාවට සිද්ධ වෙයි කියලා හිතනවා.

මොනවද දෙන්නගේ ඉදිරි සැලසුම්?
ලහිරුගේ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ ව්‍යාපාරය වගේම මගේ ව්‍යාපාරයත් දියුණු කරන් සතුටින් ජීවත් වෙන්නයි අපි උත්සාහ කරන්නේ.

  • තිළිණි කෞශල්‍යා විජේසිංහ
ShareTweetSendShare

Related Posts

නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි – Photos
Gossip Mania

නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි – Photos

2021-03-02
8
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි
Gossip Mania

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
සිනෙති අකිලාගේ Anniversary shoot එක – Photos
Gossip Mania

සිනෙති අකිලාගේ Anniversary shoot එක – Photos

2021-03-01
4
විනූ සිරිවර්ධන 6th Month ඇනිවසරි එක සමරයි – Photos
Gossip Mania

විනූ සිරිවර්ධන 6th Month ඇනිවසරි එක සමරයි – Photos

2021-03-01
17
කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු ඡායාරූප – Photos
Gossip Mania

කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු ඡායාරූප – Photos

2021-03-01
11
ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි
Local

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
4
Next Post
විරාත් සහ අනුෂ්කා යුවළ සිය කුලුඳුල් දියණියගේ නම “වාමිකා” – Photos සහිතයි

විරාත් සහ අනුෂ්කා යුවළ සිය කුලුඳුල් දියණියගේ නම "වාමිකා" - Photos සහිතයි

ස.ජ.බ සහකාර ලේකම් ධුරය කාවින්දට

ස.ජ.බ සහකාර ලේකම් ධුරය කාවින්දට

Discussion about this post

MORE LOCAL NEWS

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
0
3

ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාල සීමාව තවදුරටත් දීර්ඝ...

විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
0
5

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම...

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
0
5

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය...

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
0
4

දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වරල් කිලෝ 300ක් සහ මත්ස්‍ය කරමල කිලෝ 160ක්...

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
0
4

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ගුවන් හමුදා...

Sports News

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
1
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk