• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-05 | 11:02 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නිල්වන් මුහුදු තීරේ Cover Song එක තුලින් කලකට පසු කරළියට ආ හෙක්ටර් ඩයස් – Photos

2021-01-16 ‍| 9:36 am
නිල්වන් මුහුදු තීරේ Cover Song එක තුලින් කලකට පසු කරළියට ආ හෙක්ටර් ඩයස් – Photos
0
SHARES
31
VIEWS
Share on FacebookShare on Twitter

හෙක්ටර් ඩයස් කියන්නේ සැක්සෆෝනයෙන් රටක් හඳුනාගත් දක්ෂ වාද්‍ය ශිල්පියෙක්. මේ වනවිට ඔහු ජනප්‍රිය ගායකයෙක්. ඩී මේජර් සංගීත කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන්නේත් ඔහුයි.ඔහු රී මේක් කළ ‘නිල්වන් මුහුදු තීරේ’ ගීතය මේ දිනවල තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රියයි. එනිසාවෙන්ම හෙක්ටර් ඩයස් සමඟින් ‘නිල්වන් මුහුදු තීරේ’ ගැන කතාබහ කරන්නට අපි අමතක කළේ නැහැ.

‘නිල්වන් මුහුදු තීරේ’ ගීතය රීමේක් කළා නේද?

ඔව්. මුලින්ම මතක් කරන්න ඕනේ මේ ගීතය ඩෙස්මන් ද සිල්වා මහතාගේ ගීතයක්. අපි එතුමාගෙන් අවසර අරගෙනයි රී මේක් කළේ. ගීතය රචනා කරලා තියෙන්නෙ ප්‍රේමකීර්තිද අල්විස් මහතා. සංගීත නිර්මාණය කරලා තියෙන්නේ ස්ටැන්ලි පීරිස් මහතා. ඩෙස්මන් ද සිල්වා මහතා සිය කැමැත්තෙන්ම මේ ගීතය කරන්න කියලා අපිට අවසර ලබාදුන්නා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

කවර් එකකට වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු ගීතය මේක. සතියක් ඇතුළත මිලියනයක පමණ වීව්ස් තිබුණා. මම මේක රිසර්ච් කරලා බැලුවා. මේ ගීතය වැඩිපුරම බලලා තියෙන්නේ අවුරුදු 18 _ 30ත් අතර තරුණ පිරිස්. මේකෙ මුල් ගායනය දැන් අවුරුදු 25ට පෙර තමයි කරලා තිබෙන්නේ.

මම හිතුවා තරුණ පිරිසට වැඩියෙන් මේ ගීතය ඩෙස්මන් ද සිල්වා මහතාගේ කාලෙ රසිකයන් ගොඩක් රසවිඳියි කියලා. නමුත් වැඩිපුර බලලා තියෙන්නෙ අවුරුදු 18 _ 25 අතර පිරිස. ගීතයට ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. චාට් ෂෝවල මේ දිනවල ගීතය ප්‍රචාරය වෙනවා.

කවර් සෝන්ග් එක පරම්පරා කිහිපයක එකතුවක් කිව්වොත් නිවැරදිද?

මේක පරම්පරා 03ක එකතුවක්. මොකද මේ ගීතය ඩෙස්මන් ද සිල්වා අවුරුදු 25කට කලින් කියපු ගීතයක්. මේ ගීතයේ සංගීත සංයෝජනය කළේ අවුරුදු 15ක පුතෙක්. ඉතින් එයා මගේ පුතෙක් වගේ වෙන කෙනෙක්. ඔහු කෙවින් ද මෙල්. එයයි මායි දෙන්නම වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයෙන් ඉගෙනගෙන තිබීමත් විශේෂත්වයක්. ඉතින් මේක පරම්පරා කිහිපයක එකතුවකින් නිර්මාණය වුණු ගීතයක්.

ගීතයේ රූප රචනයට සෑහෙන වෙහෙසක් දරලා තියෙන පාටයි?

ඔව්. අපි රූප රචනය කරන්න කලින් මොන විධියටද රූප රචනය කරන්නෙ, මොන ආර්ට් එකටද, ලෝකේෂන් ගන්නෙ කොහෙද කියලා හිතුවා. ඉතින් අපි ලංකාවේ නිරිතදිග මුහුදු ප්‍රදේශයක් රූපගත කිරීම්වලට තෝරාගත්තා.

සංදේශ් බණ්ඩාර තමයි ගීතයේ රූප රචනය කළේ. ටීනා ෂනෙල් රූප රචනයට සම්බන්ධ වුණා. එයාගෙන් තමයි මම සංදේශ්ව අඳුනගත්තේ. ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙනවා. කෙවින්ගේ සංගීතය, මගේ පරිණත බව සහ සංදේශ්ගේ රූප රචනය සහ සංස්කරණය කියන මේ හැමදේම එකතුවෙලා තමයි විශේෂත්වයකින් යුතුව ප්‍රේක්ෂකයෝ අතරට මේ ගීතය ගියේ.

මේ වෙනකොට කවර්ස් කීයක් විතර කරලා තියෙනවද?

මම 2005 වසරේ ‘රාත්‍රිය’ සහ 2011 වසරේ ‘සුරංගනාවි’ කියලා ඇල්බම් 02ක් කළා. ඕන සින්දුවයි එපා සින්දුවයි හැම එකම අපි කියන්න යන්නෙත් නෑ. මිනිස්සු අතරට යන්න පුළුවන් කියලා හිතන කවර්ස් අපි කරනවා. ඩී මේජර් චැනල් එකට මේ වෙනකොට නිකුත් කරපු කවර්ස් 30ක් විතර තිබෙනවා.

කවර්ස් කරන්න මේ තරම් ඇල්මක් ඇයි?

මම ආසයි නව පරපුර අහලා නැති මම ආස කරන ගීත මගේ හ¾ඩින් කියලා තරුණ පරපුරට දෙන්න. නිල්වන් මුහුදු තීරේ පැරණි ගීතය වුණත් කරලා අවුරුදු 25ක් 30ක් වෙන නිසා ඇතැම් තරුණ පිරිස් ඒ ගීතය අහලවත් නැහැ. ඉතින් මුල් ගීතය ගැන දන්නෙ නැති ඇතැම් අය කියනවා මගේ අලුත් සින්දුව නියමයි කියලා. ඒගොල්ලො මේ ගීතය කලින් අහලත් නැහැ. අපි නිර්මාණයට හානියක් නොකර මෙවැනි ගීත තරුණ පරපුරට අහන්න දෙනවා නම් ඒකෙ කිසි වරදක් නැහැ.

මෙතැන තියෙන්නෙ තව කාගෙහරි ගීතයක් කියලා හම්බ කිරීමේ පරමාර්ථය නොවෙයි. තරුණ පරපුර අහලවත් නැති ගීත මේ විධියට අපිට තරුණයන් අතරට අරගෙන යන්න පුළුවන්.

පරණ ගායකයෙක්ගේ ගීතයක් තරුණ පරපුර කියනවා කියන්නෙ ඒ ගායකයාවත් සිහිපත් කිරීමක්.

පැසසුම් අතරේ කවර් සෝන්ග් කරන එකට චෝදනාත් එල්ලවෙනවා ඇති?

තව කෙනෙක්ගේ ගීත ගායනා කරලා ජනප්‍රිය වෙනවට කැමැති නැති අයත් ඉන්නවා. නමුත් මගේ ගීතයක් තව කෙනෙක් ගායනා කරලා මම ගායනා කරනවට වඩා ප්‍රේක්ෂකයෝ රසවිඳිනවා නම් මම ඒකට ආසයි. නිල්වන් මුහුදු තීරේ ගීතය රී මේක් කළාට පස්සේ ඩෙස්මන් ද සිල්වා මහතා වෙනම දිග කමෙන්ට් එකක් දාලා තිබුණා ඒ ගීතය තරුණ පරපුරට ගෙන ගිය එකට ස්තුති කරලා. එහෙම උතුම් හදවත් තියෙන කලාකාරයෝ ඉන්නවා. නමුත් දරාගන්න බැරි අයත් ඉන්නවා.

ඔබ ඔබේ ගායන හැකියාවෙන් වැඩක් ගත්තෙ නැහැ කියලා හිතෙන්නේ නැද්ද?

මම සංගීත ක්ෂේත්‍රයට ආවේ පාසල් කාලෙ. ජාතික යොවුන් වාද්‍ය කණ්ඩායමේ අවුරුදු 05ක් හිටියා. ඊට පස්සෙ අවුරුදු 14ක් මේරියන්ස් සංගීත කණ්ඩායමට සම්බන්ධවෙලා හිටියා. සුරංගනාවි සහ රාත්‍රිය කියන ගීත ඇල්බම් කළා. සෝලෝ ආර්ටිස්ට් කෙනෙක් විධියට රසිකයො අතරට එනවා කියලා අදහසක් ඒ කාලෙ තිබුණෙ නැහැ. හැමදේටම වාසනාව කියලා දෙයක් තියෙනවා.

මම ඊට පස්සෙ ලංකාවේ රැඳුණේ නැහැ. පවුලේ අයත් එක්ක ප්‍රංශයට ගියා. ඊට පස්සෙ තමයි ඩී. මේජර් සංගීත කණ්ඩායම නිර්මාණය කළේ. කණ්ඩායමේ නායකයා හැටියට නායකයෙක්ගෙන් කණ්ඩායමේ සාමාජිකයෙක්ට වඩා දෙයක් වෙන්න ඕනේ. ඒක ලොකු රිස්ක් එකක්. අඳුර ගලා එන හෝරාවේ ගීතය පමණයි මගේ ඔරිජිනල් ගීතයක් විධියට ප්‍රසිද්ධ වුණේ.

ප්‍රේක්ෂකයො වෙත ලබාදීමට ඉන්න අලුත් නිර්මාණ ගැනත් මතක් කරමු?

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් ආපු නුවන්දිකා එක්ක යුග ගීතයක් කළා. ඒක ආදරවන්තයන්ගේ දිනයේදී එළිදක්වන්න සූදානමින් ඉන්නවා.

ඒ වගේම ඩී. මේජර් අපේ බෑන්ඩ් එකෙන් ගීතයක් කළා. ඒකේ වීඩියෝ එක කරන්න තියෙනවා. මේ ගීත දෙකම මාස දෙකක් ඇතුළත නිකුත් කරන්න සූදානමින් ඉන්නවා.

ඔබේ සංගීත කණ්ඩායම ගැනත් කතා කරමු?

ඩී. මේජර් මගේ සංගීත කණ්ඩායම. කණ්ඩායමේ සාමාජිකයන් 08 දෙනෙක් ඉන්නවා. හොඳ ගමනක් යනවා. හොඳ රසිකයන් පිරිසක් ඉන්නවා. ගිය අවුරුද්දේ අපි ප්‍රසංග සඳහා ඕස්ට්‍රේලියාවට, ඉතාලියට සහ කැනඩාවට යන්න හිටියා. නමුත් කොවිඩ් තත්ත්වය එක්ක ඒ සියල්ල ගිලිහී ගියා. මේ අවුරුද්දේ බලාපොරොත්තුවක් තියෙනවා මේ සියල්ල යහපත් තත්ත්වයට පත්වෙලා ගිය අවුරුද්දේ බැරිවුණු හැම දෙයක්ම මේ අවුරුද්දෙ කරන්න පුළුවන් වෙයි කියලා.

2021 වසරේ කලා ක්ෂේත්‍රයේ අලුත් බලාපොරොත්තුත් ඇති?

2020 කැලැන්ඩරයෙන් ඉවත් කරන තරමටම කොවිඩ් තත්ත්වය ප්‍රශ්නයක් වුණා. ඒ නිසා සංගීත ක්ෂේත්‍රයට තදින් පහර වැදුණා. ගිය අවුරුද්දේ අපේ සංගීත කණ්ඩායම වැඩ භාර අරගෙන තිබුණු විවාහ උත්සව 104ක් කොවිඩ් නිසා කල් දැම්මා. ඉතින් ඒ සියල්ල මේ අවුරුද්දේ ප්ලෑන් කරලා කරන්න තියෙනවා. එහෙම ප්ලෑන් කරන්න අමාරුයි. නමුත් මේ කටයුතු අවහිරයක් නොවන ලෙස කරන්න ඕනෙ. කොවිඩ් තත්ත්වය එක්ක කලාකරුවෝ අසරණයි.

භාරගත්ත වැඩ කරගන්න බැහැ. නමුත් එහෙම නැතිව මොකක් හරි පිළියමක් යොදාගෙන අපි පහළට ඇදගෙන වැටෙන්නෙ නැතුව කටයුතු කරන්න ඕනෙ.

රසිකයන් වෙනුවෙනුත් යමක් කියමු?

අපේ නිර්මාණ රසිකයෝ අගය කරන තැනට අපි නිර්මාණ ඉදිරිපත් කරන්න ඕනේ. රසිකයෝ අගය කරන කවර්ස් වගේම ඔරිජිනල් ගීතත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන් වෙයි.

හැම කෙනෙක්ටම මේ අවුරුද්දෙ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

 

ඉරේෂා කල්හාරි සේනාධීර

ShareTweetSendShare

Related Posts

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්
Sports

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
8
හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos
Gossip Mania

හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos

2021-03-05
4
දිනක්ෂිගේ නවතම හැඩ – Photos
Gossip Mania

දිනක්ෂිගේ නවතම හැඩ – Photos

2021-03-05
2
සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි
Gossip Mania

සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි

2021-03-04
17
සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට
Local

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට

2021-03-04
4
නාඩගම්කාරයෝ හි මන “මාලන්”  දැන් සුවෙන් – Photos
Gossip Mania

නාඩගම්කාරයෝ හි මන “මාලන්” දැන් සුවෙන් – Photos

2021-03-04
16
Next Post
චත්‍ර වීරමන්ගේ “ආයු” ළඟදීම රිදී තිරයට

චත්‍ර වීරමන්ගේ "ආයු" ළඟදීම රිදී තිරයට

සමස්ත ගෝලීය කොවිඩ් මරණ ගණන ලක්ෂ 16 ඉක්මවයි

අමෙරිකා එක්සත් ජනපදය කොවිඩ් මරණ ලක්ෂ 4 ඉක්මවයි

Discussion about this post

MORE LOCAL NEWS

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට

එන්නත ගෙන දින 2කට පසුවත් උණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න

2021-03-05
0
5

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය...

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

2021-03-05
0
6

මහා ශිව රාත්‍රී දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස...

පට්ටලේ සමීර පන්නිපිටියේදී අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2021-03-05
0
4

ගන්දර - නාකුට්ටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට...

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

2021-03-05
0
3

අදට යෙදී ඇති ජාත්‍යන්තර ප්‍රවාහන දිනය නිමිත්තෙන් සියලුම දුම්රිය ස්ථානවල රුක්...

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

පාස්කු වාර්තාවේ නිර්දේශ අධ්‍යයන කැබිනට් අනුකමිටු වාර්තාව 15 වැනිදා ජනපතිට

2021-03-05
0
4

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ...

Sports News

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
8
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk