ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම හෝ අලෙවි කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලබන පළමු වනදා සිට ක්‍රියාත්මක මෙම ගැසට් පත්‍රයට අනුව අත් පිරිසිදුකාරක ආනයනකරුවන්, නිෂ්පාදකයන්, බෙදා හරින්නන් හා වෙළෙදුන් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අංකය ඇසුරුම්වල හා බහාලුම්වල පැහැදිලිව පෙනෙන පරිදි සදහන් කළ යුතුයි.
පෙබරවාරි මස 25 වනදා නිකුත් කළ ගැසට් පත්‍රයට අවධානය යොමු කරමින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අංකයක් ලබා ගනිමින් එය ඇසුරුම්වල සදහන් කරන ලෙස ද පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලීමක් කළා.
මෙම පියවර ගෙන ඇත්තේ වෙළෙදපොළ තුළ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන ඇති බවට ලැබුණු තොරතුරු මතයි.
අදාළ ගැසට් පත්‍රයට පටහැනිව කටයුතු කරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කළා.
Discussion about this post