ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩෙංගු රෝගය ව්‍යාප්තවන ස්ථාන හඳුනාගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය භවිත කරමින් බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට රුපියල් මිලියන පහක් වටිනා අති නවීන ඩ්‍රෝන යානා චීනයෙන් මෙරටට ගෙන්වා ගැනීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර, හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් එයාර් පෝස් රොෂාන් ගුණතිලක පියවර ගෙන තිබෙනවා.
ආණ්ඩුකාරවරයා පවසන්නේ මෙම ඩ්‍රෝන යානා මගින් ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පරීක්ෂා කිරීමට පහසුවෙන් ළඟා වීමට නොහැකි ස්ථාන වෙත ඉතාමත් පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන බවයි.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රධානම හේතුව වන්නේ කොරෝනා වසංගත තත්ත්වයන් සමග ඉදිරියේදී ඩෙංගු රෝග ව්‍යාප්තියද ඉහළ යෑම ආරම්භ වුවහොත් විශාල අපහසුතාවකට ජනතාව මෙන්ම රෝහල්ද පත්වන බැවින්.
බස්නාහිර පළාත විශේෂයෙන්ම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට ඉහළ අවදානමක් ඇති පළාත් බැවින් ප්‍රථමයෙන් මෙම පළාත තුළ මෙම රෝගය ව්‍යාප්තිය අවම කර ගැනීමට මෙම ඩ්‍රෝන යානා භාවිත කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියා.
Discussion about this post