අප්‍රිකානු ඇමරිකානු කළු ජාතිකයෙකු වන ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය මුල්කරගනිමින් අමෙරිකාවේ ප්‍රචණ්ඩකාරිව හැසිරෙන පුද්ගලයින් ත්‍රස්තවාදින් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඇඳිරි නීතිය පනවා තිබියදි අමෙරිකානු පොලීසියට අපහාස කරන්නන් හා අගෞරව කරන්නන් “ත්‍රස්තවාදීන්” ලෙස හැඳින්විය හැකි බවයි.අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සමාකාමි අන්දමින් උද්ඝොෂණ පැවැත්වීම වෙනුවට පනවා ඇති නීති රෙගුලාසි කඩකරමින් රාජ්‍ය දේපළ වලට හානි සිදුකිරිම ත්‍රස්ත ක්‍රියාලෙස සලකන බවයි.

මෙන්න බලන්න තවත් පුවත්