නව සාමාන්‍යකරණය යටතේ ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාපවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ මීගමුව බෙනඩික් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි පාඨමාලා ලියාපදිංචියේ සමාරම්භක නිල උත්සවය ඊයේ (15) පැවැති අතර ඒ අවස්ථාවට එක් වෙමින්.
අපේක්ෂිත ආර්ථික ඉලක්ක කෙටි කලක් තුළ සපුරා ගැනීම සහ වේගවත් සංවර්ධනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ වන විටත් සකස් කර අවසන් බවද ජනාධිපති රාජපක්ෂ මහතා එහිදී කියා සිටියා.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශිෂ්ට ප්‍රමිතියකට නැංවීමට ඉහළ ප්‍රමුඛත්වයක් දීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා මෙහිදී පැවසූ අතර ඒ සඳහා සියලු විශ්වවිද්‍යාල ‘සුහුරු විශ්වවිද්‍යාල‘ බවට පරිවර්තනය කරමින් තාක්ෂණික දැනුමෙන් පිරි අනාගත පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාව තිබෙන බවද පෙන්වා දුන්නා.
21 වැනි සියවසේ ශ්‍රේෂ්ඨ විද්වතකු වූ 16 වැනි බෙනඩික්ට් ශුද්ධෝත්තම පියතුමන්ට උපහාර පිණිස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ සංකල්පයක් අනුව BCI උසස් අධ්‍යාපන ආයතනය 2015 වසරේදී ආරම්භ කෙරිණ.
BCI ආයතනය මිනුවන්ගොඩ පාරේ බෝලවලානේ පිහිටි ශ්‍රී ලංකා ගුරු අභ්‍යාස විදුහල් භූමියේ ස්ථාපනය කර තිබේ. පසුගිය වසර 06 තුළ සිසුන් 17,200කට අධික සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණ සහ වෘත්තීය පාඨමාලා හදාරා ඇත.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශිෂ්ට ප්‍රමිතියකට නැංවීමට ඉහළ ප්‍රමුඛත්වයක් දීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ සඳහා සියලු විශ්වවිද්‍යාල ‘සුහුරු විශ්වවිද්‍යාල‘ බවට පරිවර්තනය කරමින් තාක්ෂණික දැනුමෙන් පිරි අනාගත පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාවපෙන්වා දුන් ජනාධිපතිතුමා මේ ආයතනය වෙනුවෙන් දැක්වූ අනුග්‍රහය අගයමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද මෙහිදී පිළිගැන්වූහ.
Discussion about this post