කොවිඩ් නයින්ටීන් වෛරසය වැලදුණු බවට සැක කරන පුද්ගලයින්ගේ සෙම පටල පරික්ෂා කිරිමට හැකි උපකරණයක් අයි.ඩි එච් රෝහලට ඊයේ (16) පරිත්‍යාග කළේය.

මෙය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ  මහතා විසින් .

එම උපකරණය මගින් කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ ඇති බවට සැකකරන රෝගින්ගේ සෙම පටල ඉතා පහසුවෙන් පරික්ෂා කිරිමට හැකිව තිබේ.

සෙමපටල පරික්ෂාව ආරක්ෂක කුටියක් තුළ සිදු කරිමට හැකිවිම තුළින් පරික්ෂා කරන වෛද්‍යවරයාගේ ආරක්ෂාවද මෙමගින් තහවුරු වේ.

එහිදි රෝගියෙක් පරික්ෂා කිරිමෙන් අනතුරුව  ස්වයංක්‍රීයව  අදාල කුටියට දියරයක් ඉසිමට සැලැස්විම තුළින් එය විෂබිජ හරනයට ලක්වන අකාරයයි.

මෙය ඕනෑම ස්ථානයකට ගෙනයෑමේ හැකියාවද ඇති අතර  එය නිර්මාණය කිරිමට රුපියල් 40000 පමණ මුදලක් වැයවන බව වාර්තා වන්නේ.

ඒ අනුව උපකරණය අයි.ඩි එච් රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත භාරදිම ඊයේ සිදු කළේය.

මෙන්න බලන්න තවත් පුවත්