බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ශ්‍රී ලංකා කේටරින් මෙහෙයුම් අංශයේ සේවය කරන සේවකයින් 08 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද දින ප්‍රකාශ කර සිටියි.
ශ්‍රී ලංකන් කේටරින් අංශයේ එක් සාමාජිකයෙකුට පසුගිය සඳුදා (14) දින කොවිඩ් -19 වෛරසය සම්බන්ධ පරීක්ෂණය සිදුකර තිබෙන අතර එහිදී ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබුණි.
ඒ අනුව ඔහු ඇසුරු කළ තවත් සාමාජිකයින් 07 දෙනෙකුට සිදුකර තිබූ පරීක්ෂණවලින් ඔවුන් ද ආසාදිත බවට තහවුරු වී තිබේ.
මේ වනවිට අදාළ ආසාදිතයන්ගේ බලපෑමට ලක්වී ඇති අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් ද PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
කොරෝනා වෛරසය ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය තුළ තවදුරටත් පැතිර යාම වැලැක්වීමට රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක වෙමින් තම ශ්‍රම බළකාය ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය හා රජයේ අනෙකුත් ආයතනය සමග ඒකාබද්ධව වෙමින් අඛණ්ඩව කටයුතු කරන බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
Discussion about this post