රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ කාර්ය මණ්ඩලයේ අහඹු ලෙස සිදුකළ ක්ෂනික ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී මෙම ආසාදිතයින් හදුනාගත් බවයි.
රෝහලට ඇතුළත් කරන රෝගීන් දිනපතා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක් කරන බව වාර්තා වනවා.
රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙලෙස හදුනාගත් එම ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි.
Discussion about this post