LPL කි‍්‍රකට් තරගාවලියෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කිරීමෙන් පසුව යාපනයේ තරුණ තරණයින් රතිඤ්ඤා දල්වමින් සිය සතුට ප‍්‍රකාශ කර තිබෙනවා. ජැෆ්නා කණ්ඩායම පන්දුවට පහර දී වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කල අවස්ථාවේ සිට ආරම්භ වී ඇති සැමරුම් අද පෙරවරුවේත් දක්නට ලැබුණු බව වාර්තා වේ.
ජැෆ්නා ස්ටැලියන්ස් සංචිතයට යාපනයෙන් තරුණයින් තුන් දෙනෙකුට තේරීපත්වීමට අවස්ථාව සැලසුනා. එහිදී විජයකාන්තන් වියස්කාන්ත් කී‍්‍රඩකයාට තරගයකට සහභාගී වීමට හැකි වීමත් සමග යාපනයේ තරුණයින් උද්දාමයට පත්ව සිටියා.
පළමු වරට පැවැත්වුණු ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට තිසර පෙරේරා ප‍්‍රමුඛ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (16) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේ දී භානුක රාජපක්ෂ ප‍්‍රමුඛ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට කරමින්. තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ද තරග 10කදි කඩුලූ 17ක් දවා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිදු හසරංගයි.
Discussion about this post