දුර්ලභ ගනයේ කලු කොටියෙකු අද (26) පෙරවරුවේ මද්දකට හසුවී සිටිය දී සොයා ගත් බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

නල්ලතන්නිය පොලිස් වසමට අයත්, ලක්ෂපාන තේ වතුයායේ වාලමලේ කොටසේ එළවළු කොරටුවක් අසලදී කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරිම සදහා අටවන ලද මද්දකට මෙම කළු වර්ණ සහිත දුර්ලභ කොටියා හසුවී ඇති බව නල්ලතන්නිය වනජීවි කාර්යාලය පවසයි.

දිගින් අඩි 6 ක් සහ උස අඩි 4 ක් පමණ යුක්ත අවුරුදු 08 ක් පමණ වයසැති මෙම කළු කොටියා හොදින් වැඩුණු කොටියෙකු බව වනජිවි නිලධාරින් කියා සිටියා.වනජිවි නිර්වින්දන පශුවෛද්‍යවරයාගේ සහය ඇතිව මද්දට හසු වි සිටින කළු කොටියා මුදා ගැනිමට කටයුතු කර ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලය සඳහන් කර සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්