තම මානසික සෞඛ්‍ය වෙනුවෙන් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් තීරණය කර තිබෙනවා.ඒ අනුව හෙට (01දා) ශ්‍රී ලංකාව හා පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයට මැක්ස්වෙල් ක්‍රීඩා නොකරනු ඇත.

මැක්ස්වෙල්ගේ මෙම තීරණයට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයත්, ඔහුගේ වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමත් එකඟතාව දක්වා තිබෙනවා.කෙසේ වෙතත් ඔහු නැවතත් ක්‍රිකට් පිටියට පැමිණීම පිළිබඳව ඉගියක් නොමැති බවද ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

31 හැවැරිදි මැක්ස්වෙල් තම ගැටලු සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ හමුවූ උපදෙස් ගැනීමටද නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්