දැනට වසර 13 ක් ක්‍රියාත්මක පාසල් අධ්‍යාපනය වසර 12 ක් දක්වා අඩු කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ, සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු මාස ගණනාවක් ප්‍රතිඵල ලැබෙනතුරු බලා සිටීමට සිදුවීම වැනි කරුණු සැලකිල්ලට ගනිමින්.
අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදී පැවැත්වීම කෙරෙහි මෙන්ම, උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදී පැවැත්වීම කෙරෙහි ද, මෙහිදී අවධානය යොමුකරන බවයි.
එසේම, මෙම විභාගවල ප්‍රතිඵල මසක් වැනි කාලයක් ඇතුළත සිසුන්ට ලබාදීමටද සැලසුම් කෙරෙනවා.
Discussion about this post