නැගෙනහිර පළාතේ ජනතාව අතර සහජීවනය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඒ හා බැඳී තිබිය හැකි ඉහත මාතෘකාගත තත්වයන් හා ඒ පිළිබඳව මහජනතාව විසින් කරනු ලැබිය හැකි පැමිණිලි, ඉල්ලීම් හෝ අභියාචනා ගැඹුරින් අධ්‍යයනය කර තොරතුරු සමාලෝචනයන් හා සුදුසු නිර්දේශයන් ඉදිරිපත් කිරීම පිණිස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය විසින් සමාජ අසාධාරණයන් අධ්‍යයනය කිරීමේ විද්වත් කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා.
තමන් මුහුණ පෑ අගතීන් හා තවදුරටත් මුහුණ දෙමින් සිටින අසාධාරණ තත්වයන් පිළිබඳ සහනයන් අපේක්ෂා කරන අයවලුන් වෙත් නම් අදාළ සිදුවීම් හා සම්බන්ධ සියලු සාධක, තොරතුරු හා ලිඛිත සාක්ෂි වල පිටපත් ද සහිතව 2021 ජනවාරි 31 දිනට ප්‍රථමයෙන් ලැබෙන පරිදි “ලේකම්,නැගෙනහිර පළාත් සමාජ අසාධාරණයන් පිළිබඳ විද්වත් කමිටුව, ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, ත්‍රිකුණාමලය” වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
මෙම කමිටුව ලබන 18 දවස පුරා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සහ 19 ,20 යන දිනවල අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතය. එම දිනවල දී ජනතාවගේ ගැටලු එම කමිටුවට භාරදීමට හැකියාව පවතී.
Discussion about this post