• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 11:56 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

දිවයින පුරා ‘කුළුබඩු නිෂ්පාදන ගම්මාන‘ ඇති කිරීමේ වැඩපිළිවෙලක්

2021-01-17 ‍| 5:08 pm
දිවයින පුරා ‘කුළුබඩු නිෂ්පාදන ගම්මාන‘ ඇති කිරීමේ වැඩපිළිවෙලක්

'spice production villages'

0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා ‘කුළුබඩු නිෂ්පාදන ගම්මාන‘ ඇති කිරීමේ වැඩපිළිවෙලක් සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව මෙම ගම්මාන නිර්මාණය කිරීමට නියමිතය.

එම ගම්මානවල සිදු කරන නිෂ්පාදන අලෙවි කිරීමේ අවස්ථාවන් ද හදුන්වා දීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.

කුළුබඩු හා ඒ ආ‍ශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනී කුමුදුණී ගුණසේකර මහත්මිය පවසන්නේ විශේෂයෙන් විදේශ වෙළෙපල ඉලක්ක කරමින් ද කුනළුබඩු ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමට ද මේ හරහා මණ්ඩලය සූදානමින් සිටින බවයි.

එසේම එම ගම්මාන තුළ සිදු කරනු ලබන නිෂ්පාදනවල ප්‍රමිතිය පිළිබදව වැඩි උනන්දුවකින් කටයුතු කෙරේ.

උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත මෙම ‘කුළුබඩු නිෂ්පාදන ගම්මාන‘ව්‍යාපෘතිය දියත් කරනු ලබන බව කුමුදුණී ගුණසේකර මහත්මිය සදහන් කළාය.

කුළුබඩු හා ඒ ආ‍ශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය යලි පණ ගන්වනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ශක්තියක් වෙමිනි.

1972 අංක 11 දරන කෘෂිකාර්මික සංස්ථා පනතේ දෙවන වගන්තියේ විධිවිධාන යටතේ කුළුබඩු හා ඒ ආ‍ශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය ස්ථාපිත කර ඇති අතර, එම ආයතනයේ කටයුතු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරා 2008 ජූලි මස 27 දින සිට ආයතනය වසා දැමිය යුතු බවට 2008 ජූලි මස 16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණි.

කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය මේ වන විට උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පැවරී ඇත.

එකී රාජ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගනු ලැබ ඇති වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව ඇති බැවින් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය නැවත සක්‍රීය කර එහි කටයුතු පවත්වාගෙන යාම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද්දේ පසුගිය නොවැම්බර් මාසයේ දීය.

ShareTweetSendShare

Related Posts

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්
Local

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
4
වැලි මිල පාලනයට නියාමන ව්‍යාපෘතියක්
Business

වැලි මිල පාලනයට නියාමන ව්‍යාපෘතියක්

2021-03-05
6
එනසාල් සඳහා ඉහළ මිලක්
Business

එනසාල් සඳහා ඉහළ මිලක්

2021-03-04
3
ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්
Local

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

2021-03-04
10
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි
Local

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි

2021-03-01
8
මහ බැංකුවෙන් පැනවූ නියෝගය
Local

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
3
Next Post
ඉන්දුනීසියාවේ විශාලම ගිනිකන්ද සක්‍රිය වෙයි

ඉන්දුනීසියාවේ විශාලම ගිනිකන්ද සක්‍රිය වෙයි

රත්නපුර රෝහලේ සිව්දෙනෙකුටත් කොරෝනා

රත්නපුර රෝහලේ සිව්දෙනෙකුටත් කොරෝනා

Discussion about this post

MORE LOCAL NEWS

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
0

අද උදෑසන 8.30න් අවසන් වු පැය 24 ක කාලය තුළ ගුවන්...

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
0
2

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී...

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
0
4

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බැංකු හා මූල්‍ය...

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

2021-03-08
0
4

විදෙස් රටවලට අපනයනය කරන තේ වල කීර්ති නාමයට හානි වන අයුරින්...

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

2021-03-08
0
6

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය...

Sports News

20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
1
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk