තවත් ශ්‍රී ලාංකිකයන් හැට අට දහසක් පමණ මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන්, පොරොත්තු ලේඛනයේ සිටින බව විදේශ අමාත්‍යංශය පවසනවා.
එහි ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
පසුගිය පෙබරවාරි මාසයේ දී චීනයේ වූහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනෙකු මෙරටට ගෙන් වූ දිනයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 60 දහස් 470 ක් මෙරටට පැමිණ තිබෙනවා.
රටවල් 137 ක සිට ගෙන්වා ඇති ඔවුන්ගෙන් හතළිස් දහසකට අධික පිරිසක් මැදපෙරදිග සිට පැමිණියා.
තවත් ශ්‍රී ලාංකිකයන් විසි දහසක් පමණ පැමිණ ඇත්තේ යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු කලාපවලින්.
ලබන 9 වනදා දක්වා කාලය තුළ දී තවත් ශ්‍රී ලාංකිකයින් 1,400 ක් ගෙන්වා ගැනීමට නියමිතයි.
Discussion about this post