රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට නිවාස මිලදී ගැනීම සඳහා 2021 අයවැය මගින් හඳුන්වා දුන් 6.25% ක සහන පොලියක් යටතේ වන විශේෂ ණය යෝජනා ක්‍රමය අද(01) සිට ක්‍රියාත්මකයි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම්කර ඇති නිවාස යෝජනා ක්‍රමවල නිවාස මිලදී ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.
විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වී කොළඹ ඇතුලු ප්‍රදේශවල සේවයේ නියුතු තරුණ පිරිස්වලට මෙම ණය යෝජනා ක්‍රමයේදී ප්‍රමුඛතාව හිමිවනවා.
නිකුත් කෙරෙන උපරිම ණය මුදල රුපියල් කෝටියක් වන අතර ආපසු ගෙවීමේ කාලය වසර විසිපහක් වනවා. රාජ්‍ය බැංකු හරහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Discussion about this post