කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33 දෙනෙකු සම්බන්දයෙන් සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටිය දී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස එම රෝහල් වෙතින් ඔවුන් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් මෙම නාවික හමුදා පුද්ගලයින් 33 දෙනාද ඇතුළුව නාවික හමුදා පුද්ගලයින් 283 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.මෙසේ රෝහල් වෙතින් පිටත්ව ගිය සියලූම නාවික පුද්ගලයින් තවදුරටත් සෞඛ්‍ය උපදෙස් මත දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්